කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-10-04

මෘදුකාංග වලට අවශ්‍යය වෙන එක එක වර්ගයේ ශබ්ද අන්තර්ජාලයෙන් බාගත කර ගැනීම...

මේක ඉතින් පෝස්ට් එකකට ලියන්න තරම් වැදගත් නැද්ද මන්දා. ඒත් මේ වෙබ් එක මට හම්බුන වෙලාවෙ මට නම් මාර වැදගත් කමක් දැනුනා. ඉතින් ඔයත් මෘදුකාංග නිෂ්පාදකයෙක් නම් මේක ඔයාටත් ගොඩක් වැදගත් වේවි. විශේෂයෙන්ම ගේම් (games) නිෂ්පාදකයන්ට.

මේ මම කියන වෙබ් එකේ නම soundjay.com . පහල තියෙන ලින්ක් එකෙන් ඒකට යන්න පුලුවන්.


ඒකට ගියාම තියෙනවා ප්‍රධානව වෙන් කරල කොටස් කීපයකට. ඉතින් ඒ ඒ කොටස් වලින් ඔයාට කැමති කොටස තෝරගත්තම ඒ කොටසට අදාල ශබ්ද තියෙන පිටුවට පිවිසෙන්න පුලුවන්. ඒ පිටුව පහත පිංතූරයේ වගේ වේවි.



ඒ පිංතූරයේ රතු පාටින් දක්වලා තියෙන තැන click කිරීමෙන් ඔයාට අවශ්‍යය විදියට ඒ ශබ්ද ෆයිල් එක බාගත කරගන්න පුලුවන් වෙනවා.

No comments:

Post a Comment

Let me know your ideas or doubts...