කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-09-13

හදපු බ්ලොග්ස්පොට් බ්ලොග් එක ටිකක් ලස්සන කර ගැනීම

මීට පෙර ලිපියෙන් අපි හැදුවනෙ බ්ලොගර් එකෙන් බ්ලොග් එකක්. ඉතින් මේ ලිපියෙන් බලමු කොහොමද ඒ බ්ලොග් එකට එක එක ඒවා එකතු කරලා ලස්සන කරගන්නේ කියලා. ඔයා කලින් ලිපිය කියෙව්වෙත් නැත්නම් බ්ලොග් එකක් හදාගන්න විදිය දන්නේත් නැත්නම් කලින් ලිපිය මුලින්ම කියවලා ඉන්න.


මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ගිහින් දකුණු පැත්තේ ඉහලින්ම තියෙන sign in කියන එකෙන් ගිහින් ලොග් වෙන්න. ඔයා බ්ලොග් එකට ගියහම sign in කියලා එකක් නැතිනම් ඔයා ලොග් වෙලාමයි ඉන්නේ. එතකොට ඔයාට ලැබේ මේ පහල දාලා තියෙනවා වගේ පිටුවක්.


මෙහි රතු පාටින් රවුම් කරලා තියෙනේ බ්ලොග් එකේ තියෙන අපිට වෙනස් කරන්න පුලුවන් එක කොටසක් වෙනස් කරන්න ඔන නම් ඔබන්න ඕන තැන. මේවගේ තැන් ඔයාගෙ බ්ලොග් එකෙත් සමහර විට ඇති. නැත්නම් ඊලගට මම කියන්නේ ඒවගේ කොටස් ඔයාගේ බ්ලොග් එකට එකතු කරගන්න හැටි. ඉතින් මේවගේ කොටසක් එකතු කරල තියෙනවා නම් ඒවා වෙනස් කරන්න පුලුවන් මේ රවුම් කරල තියෙන කොටස එබීමේන්.

එහෙනම් දැන් අපි බලමු කොහොමද අලුතෙන් මේ වගේ කොටසක් එකතු කරගන්නේ කියලා. ඒකට මුලින්ම ඔය ඉහල දාල තියෙන පින්තූරයේ නිල් පාටින් රවුම් කරල තියෙන Design කියන ලින්ක් එක ඔබන්න. එතකොට මේ පහල තියෙනවා වගේ පින්තූරයක් ලබේවි.

සමහර විට මීට වඩා ටිකක් විතර වෙනස් ඇති. එහෙම උනාට කමක් නෑ. ඉතින් මෙහි වම්පස කෙලවරේම තියෙන මෙනුවෙන් තමා ඔයාගේ බ්ලොග් එකේ වෙනස් කම් කරන්න තියෙන්නේ. දැන් අපි හදන්නේ ඔයාගෙ බ්ලොග් එකට අලුත් මොනවහරි කොටසක් එකතු කරන්නනේ. ඒ සදහා Layout කියන එක ඔබන්න. එතකොට දැනට ඔයාගේ බ්ලොග් එකෙ සැකැස්ම බලාගන්න පුලුවන් වේවි. ඒක ඔය මම පහල දාල තියෙන එක වගේ වේවි.


මුලින්ම කියන්නම් වම් පැත්තේ ඉහලින්ම තියෙන කොටස ගැන. ඒ කියන්නේ Favicon කියල තියෙන එක. ඒකෙන් කරන්නේ අපෙ බ්ලොග් එකේ icon එක වෙනස් කරන එක. මේ icon එක තමයි ඔය මම දාල තියෙන පින්තූරයේ ඉහල රතු පාටින් රවුම් කරලා තියෙන icon එක. මේකේ හැටියටනම් තැබිලි පාට icon එක. ඉතින් මම අර කලින් කියපු තැන Edit කියන එක ඔබලා ඔයාට පුලුවන් ඔයාගෙ බ්ලොග් එකට ඕන icon එකක් යොදාගන්න.

ඊලගට ඔයාට පුලුවන් ඔය Add a Gadget කියල තියෙන තැන් ඔබලා අලුත් කොටසක් බ්ලොග් එකට එකතු කරගන්න. ඒක ගත්තම ඔයාට පහල පින්තූරයෙන් වගේ පිටුවක් ඒවි.


ඒකේ තියෙනවා ඔයාට බ්ලොග් එකට එකතු කරන්න පුලුවන් විවිද කොටස්. මෙහි තියෙන ගොඩක් ඒවා බ්ලොගර් එකෙන් ලබාදෙන අයිතම. ඒ ඕන එකක් ඔයාට බ්ලොගර් මගින් දෙන උපදෙක් පහසුවෙන් තේරුම් අරන් ඔයාගේ බ්ලොග් එකට එකතු කරගන්න පුලුවන්. ඒවගේ වැදගත් දෙක තුනක් අපි වෙනත් ලිපියකින් බලමු. දැන් මම කියන්න යන්නේ බොහෝවිට අපිට HTML JAVASCRIPT මගින් එකතු කරන්න පුලුවන් කොටස් ගැන.
අපිට අපේ බ්ලොග් එකට වෙනත් වෙබ් අඩවියකින් සපයන කොටසක් එහෙමත් නැතිනම් Gadget එකක් එකතු කරගන්න පුලුවන් වෙන්නේ මේ HTML/Javascript කියන කොටසෙන්. ඔයා HTML/JavaScript ගැන දන්නවනම් ඔයාට ඕන විදියෙ කොටසක් HTML/JavaScript වලින් ඔයාටම නිර්මාණය කරලා මේකට එකතු කරන්න පුලුවන්. එහෙම නැතිනම් වෙනත් වෙබ් අඩවියකින් ලබාදෙන Code එක මේකට දාගෙන ඒ අදාල Gadget එක ඔයාගේ බ්ලොග් එකට එකතු කරගන්නත් පුලුවන්. ඒ සදහා මුලින් ම ඔය ඉහලින් දාල තියෙන පින්තූරයේ තියෙනවා වගේ HTML/JavaScript කොටසෙහි දකුණුපසින් තියෙන නිල් පාට එකතු කිරීමේ ලකුණ ඔබන්න. එතකොට අලුත් පිටුවක් එවි.ඔයාගෙ පුලුවන් ඕන HTML/JavaScript Code එකක් ඒකට Paste කරලා එහෙමත් නැතිනම් Type කරලා Save කරන්න. ඊට පස්සෙ ඒ අදාල කොටස ඔයාගේ බ්ලොග් එකට එකතු වේවි. ඉතින් අර Add a Gadget කියන එක ඔබන්නේ නැතුව එහාට මෙහාට ඇදලා ඒක තියෙන තැන වෙනස් කරගන්නත් පුලුවන්. ඒක ඔයාට කරල බලද්දිම තේරේවි.

හරි. මේක හරියටම තේරෙන්නත් එක්ක මන් වෙනත් වෙබ් අඩවියකින් ලබාදෙන එකක් ඔයාගේ බ්ලොග් එකට එකතු කරන හැටි කියලා දෙන්නම්. මුලින්ම මේ පහල දාල තියෙන ලින්ක් එකට යන්න.


ඊට පස්සේ එන පිටුවෙන් ඔයාට ඕන clock එකක් තෝරලා ඒක යටින් තියෙන view html කියන එක ඔබන්න. එතකොට ඔයාට එන පිටුවෙන් Accept කියන එක එබුවම එන පිටුවෙ තියෙනවා අවශ්‍යය කරන HTML code එක. ඒ තියෙන කොටස සම්පූර්ණයෙන් copy (Ctrl+C)  කරගෙන අර මම මුලින් Paste(Ctrl+V) කරන්න කියපු එකට paste කරන්න. ඊට පස්සේ Save කරානම් හරි.

ඉතින් මේ විදියට ඔයාට පුලුවන් නොයෙකුත් විදියේ Gadgets ඔයාගෙ බොල්ග් එකට එකතු කරගන්න. Google එකට ගිහින් Add new gadgets to my blog කියල type කරානම් ඕන තරම් හොයාගන්න පුලුවන් එක එක වර්ග වල Gadgets. ඉතින් මේ ලිපියට අදාල ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment එකක් දාල ඉදිරිපත් කරන්න. එහෙමත් නැත්නම් මට Email කරන්න. තවත් කියන්න ඕනයි කියල දෙයක් හම්බ උනොත් අපහු මේව ගැන ලිපියකින් හමුවෙමු.

Fine me on Google+

2012-05-10

2012-09-09

ගූගල් බ්ලොගර් මගින් තමන්ටම කියලා බ්ලොග් එකක් නිර්මාණය කිරීම

මේ ලිපියෙන් මම කියන්නේ කොහොමද තමන්ටම කියලා බ්ලොග් එකක් හදාගන්නේ කියලා. ගොඩක් අය මේක දන්නවා ඇති. ඒත් නොදන්න අයත් ඉන්න නිසා සරලවම අපි වැඩේ පටන් ගමු. දැන් අපි හදන්න යන්නේ ගූගල් සමාගම නොමිලයේ ලබාදෙන බ්ලොග්ස්පොට් එහෙමත් නැතිනම් බ්ලොගර් උපයෝගී කරගෙන කරන බ්ලොග් එකක්. මුලින්ම ඔය පහල දාල තියෙන ලින්ක් එකට යන්න.
මෙහිදී අපිට ඕන වෙන එකම දෙය තමයි ගූගල් එකවුන්ට් එකක්. ඒ කියන්නේ Gmail එකවුන්ට් එකක්. ඔයාට එහෙම එකවුන්ට් එකක් නැතිනම් මුලින්ම එකක් හදාගන්න වෙනවා. ඒකට මේ දාලා තියෙන ලින්ක් එකට යන්න.
ඔයාට එකවුන්ට් එකක් තියෙනවානම් ඔයාගෙ නමයි රහස් පදයයි භාවිතා කරල ඇතුලත් වෙන්න(sign in). ඔයාට එකවුන්ට් එකක් නැතිනම් Sign Up කියන එකට ගිහින් අලුත් එකවුන්ට් එකක් හදාගන්න.

මුලින්ම ඔයා  http://www.blogger.com කියන ලින්ක් එකට ගියාම පහල දාල තියෙනවා වගේ එකක් ලැබේවි.

පිංතූරය පේනවා මදිනම් ඒ මත ක්ලික් කරලා ලොකු කරගන්න

මගේ බ්ලොග් තුනක් තියෙන නිසා තමයි ඔය විදියට එන්නේ. ඉතින් ඔයාගේ ඔය විදියට වඩා ටිකක් වෙනස් වේවි. මුලින්ම ගන්න ඕන කියන එක. ඊට පස්සේ ඔයාට ඔය පහල තියෙනවා වාගේ එකක් ඒවි. 

පිංතූරය පේනවා මදිනම් ඒ මත ක්ලික් කරලා ලොකු කරගන්න

ඒක ඔයාට අවශ්‍යය පරිදි පුරවන්න ඕනා. එකේ Title කියන එකට ඔය නිර්මාණය කරන්න යන බ්ලොග් එකට අදාල මාතෘකාවක් යොදන්න. ඊට පස්සෙ Address කියන එකටත් ඒ අදාල Title එකටම ගැලපෙන නමක් ටයිප් කරන්න. මේ නම තමයි මෙතනින් පස්සේ ඔයාගෙ බ්ලොග් එකට යන ලිපිනය විදියට භාවිතා කරන්නේ. බොහෝවිට ඒ නම අපහු වෙනස් කරන්න බැහැ. Title එක නම් වෙනස් කරන්න පුලුවන් පස්සේ.

පේනවා මදිනම් ක්ලික් කරලා ලොකු කරගන්න
පේනවා මදිනම් ක්ලික් කරලා ලොකු කරගන්න
හැබැයි මේ ඇඩ්ඩ්‍රස් එක හැම වෙලාවෙම ඔයාට ඕන එකම ගන්න බැරිවෙන අවස්ථාවල් තියෙනවා. මොකද මේ ඇඩ්ඩ්‍රස් එක තවත් කවුරුහරි ඔයාට කලින් අරන් තිබුනොත් ඔයාට ඒක ගන්න දෙන්නේ නැහැ. මේ දාල තියෙන පින්තූර දෙක එහෙම අවස්ථා දෙකක්. ඒවගෙන් දකුණු පැත්තේ තියෙන එක තමා නිවැරදි එක.
ඉතින් ඔයත් ඔයාගෙ ඇඩ්ඩ්‍රස් එක හරි ඇඩ්ඩ්‍රස් එකක් කියල එයාල කියනකම් වෙනස් කරන්න වේවි. 

කොහොම හරි ඔයා හරි ඇඩ්ඩ්‍රස් එකක් තෝරගත්තට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට කැමති ආකාරයක ටෙම්ප්ලේට්(Template) එකක් තෝරගන්න එක. අදාල වින්ඩෝවෙන් කැමති එක මත ක්ලික් කරලා Create blog කියන එක ක්ලික්(click) කරන්න.

හරි. දැන් ඉතින් බොහෝ දුරට ඔයා බ්ලොග් එක නිර්මාණය කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ බ්ලොග් එකේ ලියන එක. ඒ සඳහා ඔයාට පුලුවන් අලුත් පෝස්ට් එකක් ලියන්න. ඒකට cරේටෙ නෙව් පොස්ට් කියන එක මත ක්ලික් කරන්න. පහල පින්තූරයේ රවුම් කරලා තියෙන තැන. ඊට පස්සේ ඔයාට අලුත් වින්ඩෝවක් ලැබේවි. පහල දාලා තියෙනවා වගේ.

පිංතූරය පේනවා මදිනම් ඒ මත ක්ලික් කරලා ලොකු කරගන්න
මේ වින්ඩොවේ ඔයාට අවශ්‍යය කරන පෝස්ට් එක ලියන්න පුලුවන්. ලිපියේ මාතෘකාව හා ලිපියේ බඳ කොටස ලියන්න තියෙන තැන් වලට අතරින් තියෙන මෙනුවෙන් ඔයාට එක එක ආකාරයට සකස් කරගන්න පුලුවන් ලියන අකුරු විදිය. අවශ්‍ය ෆොන්ට් එක ෆොන්ට් එකෙහි ප්‍රමාණය වර්ණය වගේ දේවල්. ඔයාටම ඒ ටික තෙරුම් ගන්න පුලුවන්. ඔයා ලියන බ්ලොග් එක ලියන්නෙ සිංහලෙන් නම් ඔයාට වෙනම සිංහල යුනිකොර්ඩ් ලියනයක් භාවිතා කරන්න වෙනවා. මම නම් භාවිතා කරන්නේ රියල් ටයිම් යුනිකොර්ඩ් කන්වර්ටර් කියන වෙබ් ඇප්ලිකේශන් එක. ඔයාට පහල තියෙන ලිපිනයෙන් ඒක ලබාගන්න පුලුවන්.



ඔයාට අවශ්‍ය කරන ලිපිය ලියුවට පස්සේ පුලුවන් publish කියන එක ක්ලික් කරලා ඒ පෝස්ට් එක පලකරන්න. පලකරාට පස්සේ පහල දාල තියෙනවා වගේ වින්ඩෝවක් ඔයාටත් ලැබේවි.


පිංතූරය පේනවා මදිනම් ඒ මත ක්ලික් කරලා ලොකු කරගන්න
 හරි. දැන් ඔයා බ්ලොග් එකක් නිර්මාණ්ය කරලා පෝස්ට් එකක් පලකරලත් ඉවරයි. ඉතින් දැන් තියෙනේ බ්ලොග් එක ටිකක් ලස්සන කරලා වැඩ කෑලි ටිකක් එකතු කරන එක. ඔය ඉහත පිංතූරයේ වම් පැත්තේ තියෙන කියන එකට ගියාම ඔයාට පුලුවන් ඔයාගෙ බ්ලොග් එකේ සැකැස්ම බලාගන්න. ඒවා වෙනස් කරන්නත් අලුතෙන් එක එක ඒවා එකතු කරන්නත් පුලුවන්. ගිහින්ම බලන්නකෝ. ලස්සන දේවල් වගේම ඇඩ්සීන් වගේ මුදල් හොයන්න පුලුවන් ක්‍රමත් මේ ගූගල් බ්ලොගර් වල තියෙනවා. ඉතින් මේවා ගැනත් තොරතුරු එක්ක ලස්සන වැඩ කෑලි ටිකකුත් එක්ක බ්ලොග් එක ලස්සන කරගමු ඊලග ලිපියෙන්. එතකන් ඔයාම උත්සාහ කරල බලන්නකෝ.

2012-09-06

පරිගනකයක් හයිබර්නේට් (Hibernate) කිරීමේ හොඳ හා නරක

මුලින්ම බලමු මොකද්ද මේ හයිබර්නේට(Hibernate) කරන්වා කියන්නේ කියලා. අපි හිතමු අපි අපේ පරිගනකයෙන් මොකක් හරි වැදගත් වැඩක් කර කර ඉන්නවා කියලා. ඒත් හදිස්සියෙම අපිට සිද්ද වෙනවා මොනවහරි දෙයකට ඒ වැඩේ තාවකාලිකව නතර කරලා වෙන දෙයක යෙදෙන්න. එතකොට ඉතින් අපි අපේ පරිගනකය ඒ තිබුන විදියටම ක්‍රියාත්මක කරල තියන එක කරදරයක්. ගොඩක් වෙලා ඒ විදියටම තිබුනොත් විදුලියත් නිරපරාදේ නාස්තිවෙනවා. ඉතින් අපි පරිගනකයෙන් අයින් වෙන්නෙ ඉතා සුලු වේලාවකටනම් අපිට පුලුවන් ස්ලීප්(sleep) කියන විදියට පරිගනකය තාවකාලිකව නතර කරන්න. නමුත් එහිදී විදුලිය වැයවීම අවම වීමක් මිසක් නතර වීමක් සිදුවෙන්නේ නෑ. ඒක නිස වැඩි වේලාවක් එසේ තිබීම අපරාදයක්. ඉතින් මේ පරිගනකයේ අපි කරමින් හිටපු වැඩ ටිකත් ඒ විදියටම පවතින පරිදි කරන්න පුලුවන් හොදම දේ තමයි මේ හයිබර්නේට්(Hibernate) කරන්වා කියන්නේ. ඒත් මේ ක්‍රියාවලියත් නිතර නිතර සිදු කිරීම එච්චරම සුදුසු වෙන්නෙත් නෑ. අපි බලමු ඒකට හේතුව මොකද්ද කියලා.

මුලින්ම දැනගමු අපි පරිගනකයක් හයිබර්නේට්(Hibernate) කිරීමෙන් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. අපි පරිගනකයක යම්කිසි වැඩක් කරමින් ඉන්නකොට අපි කරන සියලුම වැඩ ටික තාවකාලිකව මතක තබාගෙන ඉන්නේ පරිගනකයේ තාවකලික මතකය. ඒ කියන්නේ රැම් එක. හැබැයි මේ රැම් එකට මතක තබාගත හැකි වෙන්නේ විදුලියට සම්බන්ද කරලා තියෙනකම් විතරයි. ඉතින් අපි පරිගනකය ක්‍රියාවිරහිත කරොත් ඒ කියන්නෙ ශට්ඩවුන්(shutdown) කරොත් මේ තාවකාලික මතකයේ තියෙන හැමදේම මැකිලායනවා. ඉතින් හයිබර්නේට්(Hibernate) කියන ක්‍රියාවලියේදී වෙන්නේ මේ රැම්(RAM) එකේ තියෙන සියලුම දත්ත අපේ පරිගනකයේ ස්ථිර මතකය වෙත පිටපත් කරන්වා. ඒ කියන්නෙ හාඩ් ඩිස්ක් එකට පිටපත් කරනවා. ඊට පස්සේ පරිගනකය සම්පූර්නයෙන් ක්‍රියා විරහිත කරන්වා. විදුලිය නැති උනත් ස්ථිර මතකයේ තියෙන දත්ත වලට හානි සිදු නොවෙන නිසා මේ පිටපත් කල දෙවල් ඒවිදියටම පවතිනවා අපි නැවත පරිගනකය ක්‍රියාත්මක කරනකම්. අපි නැවත පරිගනකය ක්‍රියාත්මක කරද්දි අර ස්ථිර මතකයේ තියෙන දත්ත සියල්ලම නැවතත් අපෙ තාවකාලික මතකයට එනම් රැම් එකට පිටපත් කරන්වා. ඉතින් අපිට මුලින් හයිබර්නේට්(Hibernate) කරන අවස්ථාවේ තිබුන විදියටම නැවත අපි කරගෙන ගිය වැඩ ටික දිගටම කරගන්න පුලුවන්. ඉතින් මේ විදියට හයිබර්නේට්(Hibernate) කරන එක ඉතාම ප්‍රයොජනවත් බොහෝ අවස්ථා වලට. ඒත් මේ ක්‍රමයි යම් යම් අවාසිත් නැතුවාම නොවේ. ඉතින් මේ පිලිබඳ හරියටම දැන ගැනීමෙන් අපෙ පරිගනකයට හානියකුත් නැතිව උපරිම කාර්යක්ෂම තාවයක් ලබා ගැනීමට හැකි වෙනවා. දැන් අපි බලමු මොනවද මේ අවාසි කියලා
මුලින්ම අපිට අත්විදින්න වෙන ලොකුම අවාසිය තමයි සාමන්‍යයෙන් පරිගනකය ස්ලීප්(sleep) කිරීම හෝ ශට්ඩවුන්(shutdown) කිරීමට වඩා හයිබර්නේට්(Hibernate) කිරීමට වැඩි කාලයක් ගත වෙනාවා. ඒ කාලට අපේ පරිගනකයේ රැම් එකෙහි ප්‍රමනයට අනුලෝමවත් හාඩ් ඩිස්ක් එකේ වේගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වෙනවා.

ඊලඟ ප්‍රශ්නය තමයි අපි හයිබර්නේට්(Hibernate) කිරීමට අවශ්‍යය වෙනව නම් කලින් පරිගනකට ඒ සඳහා සූදානම් කරලා තියන්න අවශ්‍යය වෙනවා. අපි පරිගනකයක් ගන්න විටම මේ සූදානම් කිරීම කරලා තියෙන්නත් පුලුවන්. සමහර විට අපි අදාල මෘදුකාංග ස්ථාපනය කිරීමේදිත් සූදානම් වෙනවා. කොහොම හරි ඔයාගේ පරිගනකයේ ශට්ඩවුන්(shutdown) කරන්න තීයෙන තැන ඒ කියන්නේ ස්ටාර්ට් මෙනුවෙහි තියෙන තැන හියිබර්නේට් කියලා යතුරක් නැතිනම් ක්‍රියාත්මක කරල නැහැ. මේක ක්‍රියාත්මක වෙන්නේ පරිගනකයේ වීඩියෝ කාර්ඩ් එක මගින් නිසා වීඩියෝ කාර්ඩ් එකේ ඩ්‍රයිවර්ස්(video drivers) අප්ඩේට් කරන එක තමා සුදුසු වෙන්නේ. මේ සූදානම් කිරීමක් කියලා කියන්නේ අපිට අවශ්‍යය අවස්ථාවක පරිගනකයෙහි ඇති තාවකාලික දත්ත පිටපත් කිරීමට හාඩ් ඩිස්ක් එකෙහි අවශ්‍ය තරම් ඉඩ වෙන් කර තැබීමක්. මේ ඉඩ ප්‍රමාණය ඔයාගෙ පරිගනකයේ රැම් එකෙහි ධාරිතාවට සමාන වෙනවා. ඉතින් අපේ රැම් එකෙහි ධාරිතාව වැඩි වෙන්න වැඩි වෙන්න අපිට මේ සඳහා වෙන් කරලා තියන්න අවශ්‍යය වෙන ඉඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් මේ ක්‍රමයේ තියෙන ප්‍රධාන අවාසියක්.

අවසාන වශයෙන් තියෙන අවාසිය තමයි අපේ හඩ් ඩිස්ක් එකෙහි ආයු කාලයට මේ හයිබර්නේට්(Hibernate) කිරීම අවාසි දායක ලෙස බලපෑම. ඕනෑම හාඩ් ඩිස්ක් එකක දත්ත ගබඩා කිරීමේ ආයු කාලයක් පවතිනවා. නැවත නැවත දත්ත මැකීමත් ගබඩා කිරීමත් නිස මේ කාලය ටිකෙන් ටික අඩු වෙනවා. ඉතින් අපි හයිබර්නේට්(Hibernate) කිරීම නිතර නිතර සිදු කරහොත් අපේ හාඩ් ඩිස්ක් එකෙහි මේ ආයු කාලය අඩු වීමක් සිදු වෙනවා. ඒ නිස නිතර නිතර හයිබර්නේට්(Hibernate) කිරීමත් අවාසි සහගත වෙනාවා.

ඉතින් මේ දේවල් සලකලා බලලා අවශ්‍යය පරිදි නිසිලෙස උපරිම කාර්යක්ෂම තාවයකින් පරිගනකය භාවිතා කිරීමට හුරුපුරුදු වෙන්න.