කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2013-02-15

පහසුවෙන් සිංහල type කරන්න පුළුවන් වෙන විදියට වින්ඩෝස් පරිගණකය සකස් කර ගැනීම

අද අන්තර් ජාලය තුල බොහෝ විට ඉංග්‍රීසි වලට අමතරව විවිද භාෂා භාවිතා වෙනවා. එත් අපිට තියෙන යතුරු පුලුවරුවෙන් පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි වචන විතරයි. එමනිසා සිංහල වගේ වෙනත් භාෂාවකින් ටයිප් කරන්න නම් වෙනත් තැනක ටයිප් කරලා අවශ්‍ය තැනට ගන්න වෙනවා. මෙම ලිපියෙන් මම කියන්න යන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ නැති පහසු ක්‍රමයක් ගැනයි. අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන ගමන්ම ඉබේම සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. ටයිප් කරන්න තියෙන්නේ සිංග්ලිෂ් ක්‍රමයට.

මේ සදහා අපි පොඩි මෘදුකාංගයක් ස්ථාපිත කරන්න අවශ්‍ය වෙනවා. එය ගූගල් සමගම විසින් නොමිලයේ ලබාදෙන සේවාවක්. ඉතා කුඩා මෘදුකාංගයක්. එය බාගත කරගැනීම සඳහා පහත ලිපිනයට යන්න


ඉන්පසු ඔයාට ඔය මම පහල දාල තියෙනවා වගේ පිටුවක් ලැබේවි. එහි දකුණු පස තියෙන භාෂා වලින් ඔයාට අවශ්‍ය වෙන භාෂාව තෝරාගන්න. මම සිංහල තෝරලා තියෙන්නේ. අංක 1 පරිදි. 

ඊට පසුව අංක 2න් දැක්වෙන පරිදි ගූගල් සමාගමේ කොන්දේසි කියවා  එයට එකග වීමට ටික් කරන්න. පසුව Download කියන ලින්කුවෙන් මෘදුකාංගය බාගත කරගන්න.

සමහර අවස්ථාවල බාගත  කිරීම සඳහා විමසුමක් ලැබුන හොත් එය Accept කරන්න. බාගත වීම අවසන් වූ පසු එය දෙවරක් ක්ලික් කර ක්‍රියාත්මක කරගන්න. එවිට තවත් වින්ඩෝවක් පැමිණ ඔබේ පරිගණකයට මෘදුකාංගය ස්ථාපිත වේවි. 

නිවැරදිව ස්ථාපිත වුවාට පසු ඔයාට යතුරු පුවරුවේ Shift යතුර හා Alt යතුර එකවර තද කිරීමෙන් අවශ්‍ය භාෂාවට මාරු විය හැකියි. ඔයා සිංහලට මාරු වී ඇති විටක ටයිප් කරන වෙලාවට පහත රුපයේ පරිදි පොඩි මෙනුවක් ඇවිත් ඔයා ටයිප් කරන වචනය හදුනාගැනීමට සලස්වයි. 

මෙම මෘදුකාංගයට හුරුවීමෙන් වඩාත් පහසුවෙන් ඉංග්‍රීසි තරම්ම වේගයෙන් ඔයාටත් සිංහල භාවිත කරන්න පුළුවන්. මේක අන්තර්ජාලයට පමණක් නෙමේ. වෙනත් ටයිප් කරන්න තියෙන ඕනෑම තැනකට යොදාගන්න පුළුවන්. විශේෂයෙන් facebook වැනි සමාජ ජාල තුල චැට් කිරීමට හෝ පොස්ට් දැමීමට යොදාගත හැක. ඉතින් එහෙනම් සිංහල අයට සිංහලෙන්ම තම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. වෙනත් භාෂා අවශ්‍ය යට වෙනත් එකකින්.

එහෙනම් මේ පිලිබඳ තවත් මොනවා හරි දැනගන්න තියෙනවනම් හෝ මොනවහරි කියන්න තියෙනවනම් පහලින් comment  කරන්න. එහෙමත් නැත්නම් මට email  කරන්න. නැවත ඊලග ලිපියෙන් හමුවෙමු.