කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-02-22

Windows Computer එකේ අපිට ඕන Website එකක් Block කිරීම.

මම දැන් කියන්න යන්නෙ අපේ Computer එකෙන් සමහර website වලට යන්න බැරි කරන්න පුලුවන් එක ක්‍රමයක් ගැන. ඔයාගෙ computer එක තව කට්ටිය use කරනවනම් හරි වෙන කාගෙ හරි computer එකකට මොකක් හරි website එකකට යන්න බැරි වෙන්න block කරන්න ඕනනම් හරි මේ ක්‍රමේ භාවිතා කරන්න පුලුවන්.
මේක කරන්නෙ මෙහෙමයි.
මුලින්ම ඔය පහල දාල තියෙන path එකට යන්න ඕන.
C Drive -> Windows -> System32 -> Drivers -> etc

C:\Windows\System32\drivers\etc

ඊට පස්සෙ ඒ ගිය folder එකේ තියෙනවා file එකක් hosts කියලා. ඒ file එක Right Click කරල Copy කරන්න (Ctrl + C). ඊට පස්සෙ ඔයාගෙ Desktop එකට ගිහින් Right Click කරල Paste කරන්න(Ctrl + V).

දැන් Start Menu එකෙන් Notepad එක Open කර ගන්න. ඊට පස්සෙ අර desktop එකට paste කරපු hosts කියන file එක notepad එකට ඇදල දාන්න. (desktop එකේ තියෙන hosts file එක notepad එකෙන් open කරන්න ). පහල දාල තියෙනවා වගේ window එකක් ලැබේවි.

 ඒකෙන් පහලම තියෙන line එකෙන් පස්සෙ තව line එකක් එකතු කරන්න. ඔය මම පහල දාල තියෙන්වා වගේ.
මම ඔය දාල තියෙන විදියට www.yahoo.com දැම්මොත් yahoo.com site එකට යන්න බෑ. ඒ website එක block වෙනවා. මේ වගේ ඔයාට block කරන්න ඕන ඔක්කොම websites අලුත් lines වල ඔය විදියටම ලියන්න. ඕකෙ 127.0.0.1 කියල තියෙන්නෙ අපේ localhost IP address එක. ඒක වෙනුවට අපිට ඕන IP address එකක් දාන්න පුලුවන්. එතකොට ඊට එහා පැත්තෙ තියෙන hostname එක browser එකෙන් load කරපු ගමන් යන්නෙ අර IP එකට අදාල තැනට. ඉතින් මේ ක්‍රමෙන් පුලුවන් ඔයාලට ඕන website එකක් block කරන්න හරි ඕන site එකකට හරවල යවන්න හරි.

 ---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එකේ මොනව හරි අවුලක් තියෙනවනම් comment එකකින් ඒ ගැන අහන්න. එහෙම නැත්නම් Email එකකින් අහල එවන්න.
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.