කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-12-04

වින්ඩෝස් 7 පරිගනකයක Access Denied Folders තුලට යාම

ඔයාටත් තියෙන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය යොදවපු පරිගනකයක් නම් බොහෝ විට මේ ප්‍රශ්නයට මුහුන දීලා ඇති. එනම් හාඩ් ඩිස්ක්(hard disk) එක තුල සමහර ගොනු(folders) තුලට යාමට උත්සාහ කරන විට ඉහත රූපයේ පරිදි පණිවිඩයක්(Access Denied) ඇවිත් නවතීම. බොහෝ විට මේ ප්‍රශ්නය එන්නේ වින්ඩෝස් සිස්ටම් ගොනු තුලට යාමට උත්සාහ කරද්දී. ඉතින් බොහෝ විට මේ වින්ඩෝස් සිස්ටම් ගොනු සිස්ටම් හයිඩ් කරලයි තියෙන්නේ. අපි කලින් ලිපියකින් බැලුව කොහොමද ඒ හයිඩ් කරපු ගොනු පරිගනකයේ පෙනෙන විදියට සකස් කරගෙන වයිරස් වගේ ප්‍රශ්න වලින් බේරෙන හැටි. ඒ ලිපිය බැලුවෙ නැතිනම් පහතින් එයට ගිහින් බලන්න


ඉතින් අපි බලමු මේ විදියට තියෙන ගොනුවක් තුලට යන විදියට ගොනුව වෙනස් කරගන්න විදිය. මුලින්ම කරන්න ඕනෙ අදාල ගොනුවේ හිමිකරු වෙනස් කරගැනීම. මේ සදහා බොහෝ විට Administrator User Account එකක් අවශ්‍ය වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය User Account එකකිනුත් උත්සාහ කරල බලන්න පුලුවන්

මුලින්ම අදාල ගොනුව Right Click කරලා Properties වින්ඩෝව ලබාගන්න. එතනින් Security(Tab) තෝරලා Advanced Click කරන්න. එතනින Owner කියන Tab එක තේරුවම ඔයාට පහල පරිදි වින්ඩෝ එකක් ලැබේවි.

එතනින් Edit කියන එක තෝරලා ඔයාගෙ නම අදාල වින්ඩෝ එකෙ Type කරන්න. ඔයා ඇඩ්මින් කෙනෙක් නම් කියල type කරත් කමක් නෑ. ඊට පස්සේ check names click කරන්න. ඔයා හරියට නම type කරානම් ඔයාගෙ නම එතන වැටේවි. ඊට පස්සේ OK click කරල apply click කරන්න. ඊට පස්සෙ නැවතත් ok කිහිපසැරයක් click කරන්න. 

හරි. දැන් නැවතත් කලින් විදියටම ඒ ගොනුවේ Properties මෙනුව අරගන්න. එතනින් Security මෙනුව අරගෙන Edit ගිහින් Add click කරන්න.

ඊට පස්සේ එන මෙනුවේ everyone කියල type කරන්න. ඊට පස්සෙ check names click කරන්න. ඔයා හරියට type කරල නම් Everyone කියල නම ඒවි.

ඊට පස්සේ OK කරලා Full Control  කියන එකෙ Select කරල Apply කරන්න. දැන් ආපහු OK  කිහිපවතාවක් click කරන්න. සමහර විට confirm කරන්න තව වින්ඩෝ එකක් ඒවි. අවොත් එකත් continue කරන්න.





දැන් ඔයාට ඒ ගොනුවත් සාමාන්‍ය ගොනුවක් විඩියට භාවිතා කරන්න පුලුවන්. ඉතින් මොකක් හරි ගැටලුවක් හරි මතයක් හරි තියෙන්වා නම් පහලින් comment කරන්න. එහෙමත් නැතිනම් මාව email මගින් සම්බඳ කරගන්න. නැවතත් තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.