කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2011-12-15

එක පරිගනකයක් තුල Virtual විදියට පරිගනක(OS) කිහිපයක් භාවිතා කිරීම

මම දැන් කියන්න යන්නෙ අපි එදිනෙදා භාවිතා කරන OS එකක් හරි කිහිපයක් හරි කොහොමද Virtual විදියට අපේ Computer එකට දාගන්නෙ කියලා.අපි හිතමු ඔයාගෙ Computer එකට Windows 7 දාල තියෙන්නෙ කියලා. තව ඔයාට ඕනෙ නම් Windows XP ත් දාගන්න ඔයාට Dualboot කියන විදියට ඒ දෙකම දාගන්න පුලුවන්. ඒත් ඒ ක්‍රමේ ටිකක් සංකීරණයි. ඒවගේම දැන් අලුතෙන් එන පරිගනක වලට පරන OS දාන්න බැරි අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට අලුතෙන් එන Laptop වලට පරණ Windows XP version එක දාන්න බැහැ. ඉතින් මේ වගේ අවස්ථා වලදිනම් අපිට තියෙන එකම ක්‍රමේ තමයි මම දැන් කියන්න යන්නෙ.  ඒකට use කරන්න පුලුවන් ගොඩක් මෘදුකාංග තියෙනවා. මම දැන් කියලා දෙන්න යන්නෙ VirtualBox කියන මෘදුකාංගය මගින් මේ වැඩේ කරගන්න හැටි.
මුලින්ම අපි මේ VirtualBox කියන මෘදුකාංගය ලබාගන්න අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නිසා අපට ඒ Website එකෙන් පහසුවෙන්ම ලබාගත හැකි වෙනවා. ඔයාට පුලුවන් මම මේ පහල දාල තියෙන Link එක මගින් ඒ මෘදුකාංගය ලබාදෙන Webpage එකට යන්න.

ගිහින් එතනින් ඔයාගෙ පරිගනකයට අවශ්‍ය එක select කරගන්න. ඔයා use කරන්නෙ Windows නම් VirtualBox 4.1.6 for Windows hosts කියන තැන තියෙන Link එකෙන් Download කරගන්න පුලුවන්. ඒකට මේ එක click කරන්නත් පුලුවන්.
ඊට පස්සෙ ඔයාට VirtualBox මෘදුකාංගයේ Setup file එක Download වේවි. ඊට පස්සෙ කරන්න ඕනෙ ඒක install කරන එක.
සාමන්‍ය මෘදුකාංගයක් install කරන විදියට ඔයාට මේ software එකත් install කරගන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාට ඔය පහල තියෙනවා වගේ window එකක් ලැබේවි.

එතනින් New කියන button එක click කරන්න එතකොට ඔයාට අලුත් virtual machine එකක් සාදා ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලැබේවි.
ඔය මම දාල තියෙන වගේ Window එකක් අවිත් ඔයාට අලුතෙන් හදන්න ඕනෙ virtual machine එකේ නමයි දාන්න බලාපොරොත්තු වෙන OS එකයි අහයි. ඊට පස්සෙ Next button එක click කරාට පස්සෙ ඔයාට පුලුවන් අලුත් virtual machine එකේ hard drive එකේ size එක තීරණය කරන්න. ඒක සදහා ඔයා size එකක් තීරණය කරාට පස්සෙ ඔයාගෙන් option දෙකක් අහනවා. ඔයා දැනට Hard එකක් වෙන් කරලා නැතිනම් ඔයාට තෝරගන්න වෙන්නෙ Create new Hard Disk කියන option එක. එතකොට අලුතෙන් wizard එකක් open වේවි. එතෙන්දි ඔයාගෙන් අහනවා තවත් ප්‍රෂ්නයක්. ඒ තමයි ඔයා මේ virtual machine එකට use කරන hard එක Dynamically expanding storage ද එහෙම නැතිනම් Fixed-size storage ද කියලා. ඔයා Fixed-size storage තේරුවොත් ඔයා ඒකට දෙන size එක මේ virtual machine එක තියෙන කම් ඔයාට ඔයාගෙ සාමන්‍ය පරිගනකයෙන් use කරන්න බැහැ. ඒ ටික මේ Virtual Hard එක සඳහාම වෙන් වෙනවා. ඒත් ඔයා Dynamically expanding storage තේරුවොත් ඔයා දෙන size එක මුලින්ම වෙන් වෙන්නෙ නෑ. ඔයා Virtual Hard එක use කරන තරමට තමයි ඔයාගෙ ඇත්ත Hard එකේ ඉඩ යන්නෙ. ඉතින් හොඳම ක්‍රමේ තමා ඒ ක්‍රමේ. ඒකට Dynamically expanding storage select කරන්න. ඊට පස්සෙ next කරන්න. එතකොට ඔයාට අවශ්‍ය size එකයි ඒක save කරන්න ඕනෙ folder එකයි අහල window එකක් ලැබේවි. ඒකට සාමන්‍ය size එකක(2GB) දීලා ඒ දීපු ඉඩ ප්‍රමාණය free තියෙන folder එකක් උඩ තියෙන තැනට browse කරල දෙන්න. ඊට පස්සෙ finish කරන්න. එතකොට අර පරන window එකත් finish කරල close කරන්න පුලුවන්. එකත් finish කරාට පස්සෙ ඔයා Virtual machine එක හදලා ඉවරයි. දැන් ඒ අලුතෙන් හදපු machine එකේ නම දැක ගන්න පුලුවන් වේවි.
ඊට පස්සෙ ඒක click කරල start කියන button එක click කරාම අලුත් window එකක ඔයාගෙ virtual computer එක start වේවි. දැන් ඉතින් ඒකට සාමාන්‍ය Computer එකකට අලුත් OS එකක් දානවා වගේ OS එකක් CD හරි DVD එකක් හරි දාලා OS එකක් දාන්න තමයි තියෙන්නෙ. බැරි වෙලාවත් ඔයාට ඕන කරන CD rom එක හරි DVD rom එක හරි detect උනේ නැත්නම් අර අලුතෙන් open උන window එකේ තියෙන Devices කියන menu එක click කරල එතනින් ඔයාට ඕනෙ Drive select එක කරගන්න. ඊට පස්සෙ සාමන්‍ය Computer එකක් වගේ වැඩ කරනවා.


---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

2011-12-12

Windows පරිගනකයක Hardware(දෘඩාංග) පිලිබඳ විස්තර බලා ගැනීම


මම දැන් කියන්න යන්නෙ අපේ windows computer එකේ  Hardware(දෘඩාංග) වල විස්තර බලාගන්න පහසු විදියක්. විශේෂයෙන්ම අපිට ඕන වෙනවනෙ අපේ Ram එක කොච්චරද, VGA එක කොච්චරද, ඔය වගේ ගොඩක් දේවල් ගැන දැන ගන්න. මේ හැම දෙයක්ම වගේ බලාගන්න පුලුවන් තැනක් තමයි DXDIAG කියන මෘදුකාංගය (Software එක). ඒක Windows OS එකත් එක්කම එන මෘදුකාංගයක්. ඒක open කරගන්න කරන්න ඕනෙ Run window එක open කරගෙන dxdiag කියල type කරල ok කරන එක.
මෙහිදී සමහර විට open වෙන්න කලින් ඔයාලගෙන් confirm dialog එකක් අහාවි. එතකොට ඒකට yes කියල ලබාදෙන්න. ඊට පස්සෙ එක එක Tabs වලට මාරු වෙලා ඔයාට ඕන කරන විස්තර බලාගන්න පුලුවන්.
 
 























---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

2011-12-08

Welcome Screen එකේ පසුබිම් පිංතූරය වෙනස් කිරීම

Windows 7 සඳහා -------------------------------------------------------------------------------------------------
දැන් මම කියන්න යන්නෙ Windows Computer එකක Welcome Screen එකේ Background Picture එක කොහොමද අපිට ඕන picture එකක් බවට පත්කරන්නෙ කියලා. ඒක හරිම ලේසි වැඩක්. ඕන කරන්නෙ හොඳ ලස්සන පිංතූරයක් විතරයි.හැබැයි ඉතින් මේ ක්‍රමේ හරියන්නෙ Windows 7 වලට විතරයි. Windows XP වලට කරන ක්‍රමය මන් ඊලඟට කියන්නම්.
අපේ Computer එකේ welcome screen එකේ background picture එක තියෙන්නෙ සාමාන්‍ය folder එකක්. ඉතින් අපි මේ folder එකට ගිහින් ඒකෙ තියෙන picture එක වෙනුවට අපිට ඕනා කරන picture එකක් දානවා. එච්චරයි.
දැන් අපි බලමු කොහෙද මේ folder එක තියෙන්නෙ කියලා.
ඔය මං පහල දාල තියෙන path එක තමා folder එකට path එක. ඔයාට පුලුවන් මන් මේ පහල දාල තියෙන path එක copy කරගෙන ඔයාගෙ Run Window එකේ මේක paste කරලා Enter key එක press කරන්න. Run Window එක open කරගන්න දන්නෙ නැතිනම් මේ post එක බලන්න. ඒකෙ තියෙනවා Run Window එක open කරන හැටි. එතකොට ඒ අදාල folder එකට යනවා.
C:\Windows\System32\oobe\info\backgrounds


ඊට පස්සෙ ඔයා දාන්න බලාපොරොත්තු වෙන picture එක මේ folder එකට paste කරන්න. එහෙම නැත්නම් ඇදල දාන්න. ඊට පස්සෙ කලින් තිබ්බ picture එක right click කරල rename කරන්න මුලට මොකක් හරි අකුරක් දාල. මොකද ඔයා දාපු picture එක ආපහු මුල එක බවට පත් කරගන්න ඔයාට ඕනෙ උනොත් අපහු ඒක rename කරන්න විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ අර ඔයා අලුතෙන් දාපු picture එක right click කරලා rename කරන්න කලින් picture එක තිබුන නමින්. ඒ කියන්නෙ backgroundDefault.jpg කියල (සමහර විට ඔයාගෙ Computer එකේ .jpg කියන කොටස පේන්නෙ නැතිව ඇති. එහෙම නම් ඒ කෑල්ල නැතිව backgroundDefault කියල විතරක් දාන්න නමට.). දැන් වැඩේ හරි.
හැබැයි මේකට ඔයා Log වෙලා ඉන්න Account එක Admin Account එකක් වෙන්න ඕනෙ. තව එකක් තියෙනවා මතක තියාගන්න. ඔයා දාන Picture එක ඔයාගෙ Screen එකේ size එකට සමාන උනොත් තමයි ඒක ලස්සනටම පෙන්නෙ. පොඩි උනොත් නම් upset ම වේවි. දාලම බලන්නකෝ.

Windows XP සඳහා ---------------------------------------------------------------------------------------------
දැන් අපි බලමු කොහොමද Windows XP එකක Welcome screen background එක වෙනස් කරන්නෙ කියලා.
මේකටනම් ඉතින් ඔයාගෙ Computer එකේ Registry එක ටිකක් වෙනස් කරන්න වෙනවා. ඒකට මම මේ කියල තියෙන විදියට කරන්න..
මුලින්ම ඔයාගෙ Run Window එක open කරගෙන ඒකෙ regedit කියල type කරන්න. ඊට පස්සෙ Keyboard එකේ enter key එක press කරන්න. එතකොට ඔයාව Registry එකට යාවි. ඒක මම මේ පහල දාල තියෙනවා වගේ එකක්. ඒකෙ වම් පැත්තෙ තියෙන set එකෙන් ඔය මම පහල දාල තියෙන එක තෝරගන්න.
Registry එකේ මොකක් හරි වෙනසක් කරන්න කලින් ඒ වෙනස් කරන්න යන value එක කලින් Backup කරගන්න එක තමා හොඳ. මොකද බැරි වෙලාවක් වත් මොනවාහරි වැරැද්දක් උනොත් ආපහු කලින් තිබුන value එක ඒ backup file එක double click කරල restore කරගන්න පුලුවන්. ඔයාට කරගන්න ඕනෙ value එක select කරල උඩ තියෙන file menu එකෙන් export කියන එක click කරන්න. එතකොට ඔයාට ඒක file එකක් විදියට නමක් දීල save කරගන්න පුලුවන්.
ඊට පස්සෙ ඔය මම කහ පාටින් highlight කරල තියෙන එක double click කරන්න. එතකොට අලුත් window එකක් open වෙනවා.

ඒකෙ ඔය ඊතලේ තියෙන තැන ඔයාට background එක විදියට දාන්න ඕනෙ picture එකේ full path එක දාන්න. හැබැයි ඔයා දාන එක එකක් වෙන්න ඕනෙ. නැත්නම් වැඩ කරන්නෙ නෑ. ඊට පස්සෙ එක OK කරන්න. දැන් වැඩේ ඉවරයි.
---------------------------------------------------------------------------------------------------------------------------ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත හමුවෙන තුරු ආයුබෝවන්

2011-12-07

පරිගනකය Startup වෙන්න යන කාලය අඩු කරගන්නෙ කොහොමද..

අපි අපේ පරිගනකය ක්‍රියාත්මක කරලා ඒකෙන් වඩක් කරන්න පටන් ගන්න කොච්චර වෙලාවක් යනවද? මේ කාලය රඳා පවතිනවා ගොඩක් කරුනු මත. ප්‍රධානවම OS එක අනුව. ඊලගට වැඩිපුරම බලපාන්නෙ පරිගනකය ක්‍රියාත්මක වෙද්දි කොච්චර application ගානක් ක්‍රියාත්මක වෙනවද කියන එක.
ගොඩක් වෙලාවට මේ ක්‍රියාත්මක වෙන application අපිට ඕනෙ ඒවා නෙමේ. සමහර ඒව අපිට start up එකේදි ඕනෙ වෙන්නෙ නෑ. ඉතින් මේ run වෙන එක අපි නැවැත්තුවොත් අපේ පරිගනකය ක්‍රියාත්මක වෙන්න යන කාලය ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්. ඒ වගේම අපිට කරදර කරන application, ඒවගේම විශේශයෙන්ම අපිට කරදර කරන වයිරස් බොහෝ දුරට අඩු කරගන්න පුලුවන්. ඉතින් මන් මේ ලිපියෙන් ඒ application start up දි run වෙන එක නවත්තන්න තමා කියල දෙන්න යන්නෙ.
මුලින්ම අපි බලමු කොහොමද මේ application start up එකේදි run වෙන විදියට හදන්නෙ කියලා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි start up කියන folder එකට ඒ application එකේ short cut එකක් දාන එක. අනිත් ක්‍රමේ තමයි පරිගනකෙයේ registry එකේ ලියන එක.
බොහෝ විට ඉතින් ඔය ක්‍රම දෙකෙන් දෙවෙනි එක තමයි භාවිතා වෙන්නෙ. ඒත් අපි මුලින්ම පලවෙනි ක්‍රමේ බලමු.
අපේ windows computer එකේ තියෙනව start up කියල folder එකක්. ඒක අතුලෙ තියෙන හැම exe file එකක්ම අපේ පරිගනකය ක්‍රියාත්මක වෙනකොට run වෙනවා.
අපි බලමු මේ folder එක කොහෙද තියෙන්නෙ කියලා. මුලින්ම ඔයාගෙ start button එක click කරන්න. ඊට පස්සෙ All Programs යන්න. දැන් ඔතන තියෙනවා Start up කියල folder එකක්. ඒක click කරාම ඒ folder එක open වෙනවා.

දැන් ඉතින් ඔය folder එක අතුලෙ අනවශ්‍ය programs එහෙම තියෙනවනම් ඒව මකලා දාන්න.
ඊලගට බලමු අනිත් ටික අයින් කරන විදිය. ඒක තමා වඩා වැදගත් වෙන්නෙ. මොකද ගොඩක් application මෙන්ම වයිරස් පරිගනකය start වෙනකොටම run වෙන්න හදල තියෙන්නෙ එතනින්. ඒ කියන්නෙ registry එකෙන්. ඒත් අපිට registry එක අත පත ගානවට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඔය අනවශ්‍ය application run වෙන එක නවත්තන්න.
ඒකට ඉස්සෙල්ලම run window එක open කරගන්න ඕනෙ. මුලින්ම ඔයාගෙ start button එක click කරන්න. ඊලඟට එතනින් All programs ගන්න. ඊට පස්සෙ Accessories . ඊට පස්සෙ ඒක අතුලෙ තියෙනව Run කියලා.
එහෙම නැත්නම් ඔයා use කරන්නෙ Windows 7 නම් start button එක click කරපු වම පහලම තියෙන search text එකේ run කියල type කරන්න. එතකොට Run එක search වෙනව. ඊට පස්සෙ Enter key ගහපුවම හරි.
ඔයාගෙ තියෙන්නෙ Windows XP නම් Keyboard එකේ Ctrl key එක එක්ක R key එක ගහන්න. එතකොට නිකන්ම Run එක open වෙනවා.
දැන් ඔයාට ඔය මම පහළින් දාල තියෙනවා වගේ එක වෙලා ඇති.
 දැන් ඒ open උන run window එකේ msconfig කියලා type කරල Enter key එක ඔබන්න. එතකොට අලුත් window එකක් open වේවි. ඒකෙන් Start up කියන tab එක තෝරගන්න. දැන් ඔය පහලින් tik දාල තියෙන application තමයි ඔයාගෙ computer එක start වෙද්දි run වෙන programs.
හැබැයි ඒවගෙන් Manufacturer කියන එකට අදාලව Microsoft කියල තියෙන ඒවනම් ඔයාගෙ OS එකත් එක්ක Microsoft එකෙන් ආපුවා. ඒවනම් untik කරන්න එපා. තව Manufacturer එකට අදාලව ඔයා install කරපු software එකක නමක් තියෙන ඒවත් ඔයාට ඒ software එක computer එක start වෙනකොට run වෙන්න ඕනෙ නම් ඒවත් untik කරන්න එපා. හැබැයි බොහෝ වෙලාවට Manufacturer එකට අදාලව Unknown කියල තියෙන්නෙ නම් එච්චර හොඳ application නෙමේ. ඒවා ඔයා දන්න ඒවා නෙමේ නම් untik කරන එක තමා හොඳම වැඩේ.
බැරි වෙලාවත් ඔයා ඔයාට ඕන කරන application එකකුත් untik කරල තිබුනොත් ඊලඟ පාර computer එක on කරද්දි ඒ application එක run වෙන්නෙ නෑ. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒක නිසා ඔයා මොන application එක untik කරත් ඒ දේ කරන්න කලින් ඒ කරපු නම කොහෙ හරි ලියාගත්තොත් ඇගට ගුන වේවි. නැත්නම් අයෙත් ඔක්කොම ටික tik කරන්න වේවි.
දැන් ඉතින් ඔයා ඔයාට අනවශ්‍ය application untik කරලා පහලින් තියෙන Apply button එක ඔබන්න. ඊට පස්සෙ OK button එක එබුවම වැඩේ හරි. සමහර විට ඔය මම දාල තියෙනවා වගේ message එකක් ඒවි. ඒකෙන් දෙවෙනි option එක තෝරගන්න. ඒ කියන්නෙ  Exit without restart කියන එක.

දැන් ඉතින් බලන්න කලින්ට වඩා computer එකේ start up එක speed උනාද, ඔයාට වද දෙන application run වෙන එක නැති උනාද, වයිරස් එහෙම අඩු උනාද කියලා. බලලා ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත හමුවෙන තුරු ආයුබෝවන්.

Close කරගන්න බැරි Application එකක් කොහොමද Close කරන්නෙ...

අපි computer එකේ වැඩ කර කර ඉන්න කොට සමහර application struck වෙනවා. ඒ කියන්නෙ හිර වෙනවා. එතකොට ඒවගෙ close button එක කොච්චර click කරත් close වෙන්නෙ නැතුව යනව ටිකක් වෙලා යනකන්. හැබැයි ඉතින් අපිට එච්චර වෙලා බලාගෙන ඉන්න බැරි නම් ඒක බලෙන්ම close කරලා දාන හැටි තමා මන් දැන් කියන්න යන්නෙ.
හැබැයි මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔයා එහෙම බලෙන්ම close කරාම එච්චර වෙලා ඔයා කර කර හිටපු වැඩේ (ඒ application එකෙන්) නැතුව යනවා. ඒ වගේම තමයි ඔයා එක බලෙන්නෙ කරන්න යන්නෙ. ඒක ඉතින් හැම තිස්සෙම කරන එක නම් එච්චර හොඳ නැහැ. හැබැයි ඉතින් කොහොමත් මම නම් computer එක on කරපු වෙලාවෙ ඉදන් දහ දොලොස් පාරක් වත් ඔය වැඩේ කරනවා. ඒත් ඉතින් ඒක හොඳ නැහැ.
අපි මේක කරන්න යන්නෙ TaskManager කියන Windows Application එක මගින්. ඒකෙ තියෙනව application එක close කරන්න ක්‍රම දෙකක්. එකක් නම් normally close කරනවා වගේම තමයි. ඒත් එකත් සමහර application හිර උන  වෙලාවට වැඩ කරන්නෙ නැහැ. ඒත් දෙවෙනි ක්‍රමේ නම් ඕන application එකක් ඕනම් වෙලාවක close කරගන්න යොදාගන්න පුලූවන්. අපි බලමු මොකක්ද ඒ දෙවෙනි ක්‍රමේ කියලා.
මුලින්ම ඔයා කරන්න ඕනෙ TaskManager open කරගන්න එක. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. ලේසිම ක්‍රමේ කීවම ලේසිනෙ. ඒක නිසා ඒක මුලින්ම කියන්නම්
  1. Keyboard එකේ Ctrl + Shift + Esc කියන keys තුන එක සැරේ ඔබන්න.

  1. එහෙම නැත්නම් Alt + Ctrl + Delete කියන keys තුන ඔබන්න. බොහෝ වෙලා වට එතකොට open වෙන්නෙ menu එකක්. ඒකෙන් ඔයාට TaskManager තෝරගන්න පුලුවන්.
  2. එහෙමත් නැත්නම් ඔයාගෙ ඩෙස්ක්ටොප් එකේ යටම තියෙනවනෙ bar එක. ඒක උඩ Right Click කරලා TaskManager තෝරගන්න.
තවත් ඉතින් ක්‍රම තියෙනවා. ඔය මදැයි දැනට.
ඔය එක ක්‍රමේ කට TaskManager Open කරගත්තම ඔය මම පහලින් දාල තියෙනව වගේ window එකක් ලැබේවි. ඒකෙන් අපි select කරගන්න ඔනෙ Processes Tab එක. ඒ Tab එක select කරාම දැන ඔයාගෙ computer එකේ  run වෙන ඔක්කොම applications බලාගන්න පුලුවන්.

දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඔය අතරින් ඔයාට close කරන්න ඕනෙ application එක තෝරගන්න එක. ඒ වැඩේ ටිකක් විතර අමාරුයි. මොකද ඔයා වරදි එකක් තෝරල ඒක end කරොත් computer එක shutdown වෙන්න උනත් පුලුවන්. ඒක නිසා ඉස්සෙල්ලම ඔයා එක උනාට අවුලක් නැති කරගන්න. ඒ කියන්නෙ ඔයා කර කර හිටපු වැඩ ටික එහෙම save කරල ඉන්න. ඊට පස්සෙ ඔය මම කහ පාටින් highlight කරල තියෙන ඒවට අතවත් තියන්න එපා. මොකද ඒව OS මගින් කරන Processes .ඒවගෙ Username එක System කියල ඇති. එහෙම නැත්නම් හිස්ව ඇති. ඒත් ඔයාගෙ Computer එකේ Username එකෙන් තියෙන ඕන එකක් close කරාට වඩි අවුලක් යන්නෙ නෑ. වෙන්නෙ ඒ අදාල application එක close වෙන එක විතරයි.
දැන් අදාල process එක selec කරලා ඔය දකුණු පැත්තෙ තියෙන End Process කියන button එක press කරන්න. එතකොට ඔයාගෙන් අහනවා කරන්න close ඔනෙද කියලා. ඒකට End Process කියල දෙන්න. එතකොට ඒ application එකම close වෙලා යනවා. එච්චරයි. පලවෙනි පාර උනේ නැත්නම් තව පාරක් කරල බලන්න. කොහොමත් පලවෙනි පාරෙන්ම වෙනවා. එහෙමත් උනේ නැත්නම් ඉතින් computer එක restart කරන්නම වෙනවා. 
සාමාන්‍යයෙන් ඔය TaskManager එකේ Processes නම තියෙන්නෙත් අදාල application එකේ නමින් ම තමා. ඒක නිසා ඒ අදාල process එක හොයාගන්න එක එච්චර අමාරු වෙන එකක් නෑ. කොහොම උනත් නිකන් ඉන්න ගමන් ඔයාගෙ TaskManager  එක open කරල බලන්න මොනවද run වෙන processes කියල. මොකද එතකොට කවද හරි case එකක් ගිය වෙලාවකට ඔයාට පොඩි මතකයක් හරි තියෙනව මොනවද සාමන්‍යයෙන් තිබ්බ processes කියලා. එතකොට අලුත් එක නිකන්ම end කරල දාන්න පුලුවන්.
ඔයාගෙ computer එකේ run වෙන ඔක්කොම application ඔය Window එකේ පෙන්නනවා කිව්වනෙ. ඉතින් වයිරසුත් පෙන්නනව processes හැටියට. ඉතින් ඔයාට ඒ virus process එක වෙනම අදුරගන්න පුලුවන් නම් ඒ වයිරස් එක end කරල දාන්න පුලුවන්. ඒකට ඉතින් ඔයා TaskManager එක හැම තිස්සෙම open කරල කරල පුරුද්දක් තියෙන්නත් ඕනෙ. අපි වෙනත් ලිපියකින් බලමු කොහොමද වයිරස් ගාඩ් නැතිව ගොඩක් වයිරස් වලින් බේරෙන්නෙ කියලා.

ඔයාට මේ ලිපිය යම් විදියකින් ප්‍රයෝජනවත් උනා නම් මේකට මොනව හරි comment එකක් දාල share කරන්න. ඒක මට වගේම තව කෙනෙකුට කරන උදව්වක්. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙන තුරු BYE


ඔබට බෙහෙවින් ස්තුතියි මාගේ මේ ලිපිය කියෙව්වට.
Thank You so much for reading this post by me. Good Luck

2011-12-05

නොමිලේ වෙබ් අඩවියක් අන්තර්ජාල ගතකිරීම

මම දැන් කියල දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්. ඒ කියන්නෙ ඔයාල හදාගත්ත වෙබ් එකක් කොහොමද නොමිලේම අන්තර් ජාලයට එක් කරන්නෙ කියලා.
ඕනම වෙබ් page එකක් වෙබ් එකට දාන්න නම් අපිට ප්‍රධාන වශයෙන් කරන්න දේවල් දෙකක් තියෙනවා.
  1. මුලින්ම අපි හදපු වෙබ් page එක host කරන්න ඕන.
  2. ඊලඟට අපි domain name එකක් අරන් ඒක අපේ page එකට සම්බන්ද කරන්න ඕනෙ.
අපි බලමු මොනාද මේ domain names, hosting කියන්නෙ කියල.
අපි මේකෙ උදාහරණෙට ඉතින් හැමෝම දන්න facebook එකම ගනිමු.
අපි facebook එකට යන්න ඕන උනාම සාමාන්‍යයෙන් කරන්නෙ අපේ browser එක open කරල එකෙ address bar එකේ www.facebook.com කියල ගහන එකනෙ.මේ අපි type කලේ domain name එක.

ඒ කියන්නෙ වෙබ් page එකේ name එක.ඕක type කරාම වෙන්නෙ ඔය නමට අදාලව තියෙන address  එක හොයාගෙන ඒ address එකට අදාල server එක හොයාගෙන ඒ server එකේ තියෙන වෙබ් page එක අපෙ browser එකේ පෙන්නන එක. හැබැයි ඉතින් මේක සරල පැහැදිලි කිරීමක් විතරයි අපේ වැඩේට ඕන වෙන. අපි වෙනම ලිපියකින් බලමු කොහොමද මේ දේවල් හරියටම වෙන්නෙ කියල.
දැන් අපි බලමු කොහොමද මේ වැඩ දෙක කරගන්නෙ කියල.
මුලින්ම අපි වෙබ් page එකක් හදා ගන්න ඕන. (හදල නැතිඋනත් කමක් නෑ ඉතින්)
ඊට පස්සෙ අපි හදපු වෙබ් page එක හොස්ට් කරන්න ඕනෙ. දැන් අපිට ඕනෙ මේ වැඩේ නොමිලේ කරගන්නනෙ. ඒකට ඉතින් නොමිලේ වෙබ් hosting service එක සපයන වෙබ් page එකක් හොයාගන්න ඕනෙ. අපි google එකෙන් try කරල බලමු එහෙම වෙබ් page එකක් හොයාගන්න.
මුලින්ම ඔයාගෙ වෙබ් browser එකට ගිහින් address bar එකේ www.google.com කියල ගහන්න. ඊට පස්සෙ ඔයා google site එකට යනවා. ඒකට ගියාට පස්සෙ ඔයාට search කරන්න ඕන දේ type කරන්න. ඊට පස්සෙ search button එක press කරන්න.
දැන් ඉතින් අපිට search කරන්න ඕනෙ free වෙබ් hosting දෙන site එකක්නෙ. එහෙනම් අපි type කරම free වෙබ් hosting service කියල.

මට ආපු list එක තමා ඔය දාල තියෙන්නෙ. ඔයාලටත් ඊට සමාන list එකක් ඇවිත් අති. දැන් මම අපේ වඩේට තෝරගන්නෙ http://www.000webhost.com කියන site එක.
දැන් අපිට ඒ site එකට ගිහින් register වෙන්න සිද්ද වෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්නෙ කියල.

Step 1:
මුලින්ම http://www.000webhost.com වෙබි site එකට යන්න. එකට ඔයාලට address එක type කරන්න පුලුවන් http://www.000webhost.com කියල. එහෙම නැත්නම් මේ ලින්ක් එක click කරන්න.

එතකොට ඔයාලට මේ වගේ site එකක් දැක ගන්න පුලුවන් වේවි.
ඊට පස්සෙ කරන්න ඕන එකෙ register වෙන එක.
ඒකට ඔය ලොකුවට Sign Up! කියල තියෙන button එක click කරන්න. එහෙම නැත්නම් මේ ලින්ක් එක click කරන්න.
‍ඊට පස්සෙ ඔයාලට මම පහළින් දාල තියෙනව වගෙ form ඒකක් ලැබෙයි.

අපි බලමු ‍‍කොහොමද මේ form එක fill කරන්නෙ කියල.
Step 2:
මුලින්ම් ඔයා තීරනය කරන්න ඕනා කොහොම domain එකක්ද ඔය use කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා. මෙතන තේරීම් දෙකක් තියෙනවා. එකක් තමයි ඔයගෙම domain එකක් use කරන එක. එහෙම එකක් නැත්නම් 000webhost site එකෙන් දෙන domain එකක් use කරන්න පුලුවන්.
දැන් ඉතින් අපි මේ නොමිලේ වෙබ් එකක් හොස්ට් කරන්නනෙ යන්නෙ. ඉතින් අපිට කොහෙන්ද අපේම domain. ඉතින් අපි තෝරගන්න ඕනෙ දෙවෙනි එක. ඒ කියන්නෙ අපි පුරවන්න ඕනෙ අංක දෙකෙන් දැක්වෙන කොටුව. ඒකට ඔයාට ඕන නමක් type කරන්න.
හැබැයි අපි type කරපු නම තව කවුරු හරි කලින් අරන් තියෙනව නම් අපිට ඒක පාවිච්චි කරන්න බැහැනෙ.
‍‍‍‍‍‍‍එහෙම උනොත් අපිට අන්තිමට error එකක් ඒවි අපි තෝරපු domain එක අපිට use කරන්න බැහැ කියල.
එතකොට ඉතින් ආපහු වෙන නමක් එතන type කරන්න වෙනවා. කමක් නෑ. ඒක ඒ වෙලාවට බලමුකො. ඊලඟට අංක තුනෙන් පෙන්නල තියෙන්නෙ ඔයාගෙ නම type කරන්න ඕන තැන. එතන ඔයාගෙ නම type කරන්න. ඊලඟට හතර කියල තියෙන තැන ඔයාගෙ email address එක type කරන්න. ඔයාට email එකක් නැත්නම් ඉතින් අලුත් එකක් හදාගන්නම වෙනවා. ඊට පස්සෙ ඒක ඒ අදාල කොටුවෙ type කරන්න.ඊට පස්සෙ පස්වෙනි කොටුවෙ ඔයාගෙ password එක type කරන්න. ඒකටනම් ඔයාට ඕනම password එකක් type කරන්න පුලුවන්. ටිකක් දිග password එකක් type කරන්න. එක අනිවාර්යෙන්ම අඩුම ගානෙ ඉලක්කම් එකක් හා අකුරු එකක් තියෙන්න ඕන. තව මොනාහරි අකුරු හයකට වඩා තියෙන්නත් ඕනා. ඊට පස්සෙ හයවෙනි කොටුවෙත් ඔයා අර කලින් type කරපු password එකම type කරන්න. ඊට පස්සෙ හත්වෙනි කොටුවෙ type කරන්න තියෙන්නෙ ඊට උඩින් තියෙන පිංතූරෙ තියෙන අකුරු ටික. ඒ ට්ක ඔයාගෙ තියෙන විදියටම type කරන්න ඕනෙ. දැන් ඔය මන් දාල තියෙන උදාහරනෙ නම් තියෙන්නෙ amoreta Frank, කියල වචන දෙකක්. ඔයාගෙ තියෙන එක තමා ඔයා type කරන්න ඕනෙ. ඊට පස්සෙ ඉතින් ඔය පහල තියෙන ටික් එක දාල create my account කියන button එක click කරන්න.දැන් ඉතින් ඔයා හරියට form එක පුරවල තිබුනනම් ඔයාට account එකක් create වෙලා පහල දාල තියෙන විදියෙ window එකක් ලැබෙනවා.

හැබැයි ඉතින් මොනාහරි වරදි නම් ඔයාට error එකක් ඒවි. බොහෝ දුරට වෙන්න පුලුවන් දේවල් තමයි 
  • ඔයා තෝරපු domain name එක කලින් කවුරු හරි අරගෙන තියෙනව.

  • ඔයා enter කරපු email address එක වැරදි එකක්.
  • ඔයා enter කරපු password දෙක හරියට ගලපෙන්නෙ නෑ.

ඔය දේවල් ටික ආපහු සැරයක් බලලා අයෙත් උත්සාහ කරන්න.
 
ඔයාගෙ form එක සාර්ථක නම් ඊලඟට කරන්න තියෙන්නෙ ඔයාගෙ account එක validate කරන එක. ඒකට කරන්න තියෙන්නෙ ඔයාගෙ email account එකට ගිහින් දැන් 000webhost site එකෙන් එවල තියෙන email එක open කරල ඒකෙ තියෙන ලින්ක් එක click කරන එක. ඔය පෙන්නල තියෙනව වගේ email එකක් ඔයාලටත් ඇවිත් ඇතිනෙ. ඒකෙ උඩින් තියෙන link එක click කරන්න. එතකොට ඔයාගෙ registration එක සම්පූර්ණ වෙනවා. ඊට පස්සෙ ඔයාගෙ පහලින් දාල තියෙනව වගේ page එකක් ලැබේවි. ඒකෙ තියෙනවනෙ ඔය Refresh Status කියල link එකක්. ඒක කිහිප වතාවක් click කරාම හරි.
ඊට පස්සෙ ඔයාට අලුත් page එකක් ලැබේවි ඔය මම පහලින් දාල තියෙන picture එක වගේ.ඒකෙ තියෙනවනෙ link එකක් Goto CPanel කියල. ඊලගට ඒ link එක තමයි click කරන්න ඕනෙ. එතකොට ඔයාලව අලුත් page එකකට browse වේවි. ඒකෙන් තෝරගන්න ඕනෙ File Manager කියන එක. ඒකෙන් තමා අපි අපේ වෙබ් page එක හොස්ට් කරන්න යන්නෙ.

ඊට පස්සෙ සමහර විට ඔයාගෙන් Username එකකුයි Password එකකුයි ඉල්ලයි. සාමන්‍යයෙන් නම් Username එක ඒකෙ ගහලමයි තියෙන්නෙ. බැරි වෙලාවත් එහෙම නැති උනොත් ආපහු අර කලින් page එකෙන් තමයි Username බලාගන්න වෙන්නෙ. ඒ page එකේ දකුණු පත්තෙ උඩ තියෙන්ව Username කියල. ඒ Username එක අර අලුත් page එකට ගහල ඔයාගෙ password එකත් ගහල ලොග් වෙන්න. ඊට පස්සෙ ඔය මම දාල තියෙනව වගේ page එකක් ඔයාටත් ලැබේවි. ඒක තමා ඔයාගෙ හොස්ට් කරන්න යන server එකේ host කරන්න යන තැන.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
එතනින් public_html කියන ලින්ක් එක click කරන්න. එතකොට ඔයාව අලුත් folder එකකට යාවි.

එතෙන්ට තමයි ඔයාගෙ වෙබ් page එක upload කරන්න ඕනෙ. ඒකට එතන උඩ තියෙන upload  කියන button එක ඔබන්න. දැන් තියෙන්නෙ ඔයාගෙ මුලු වෙබ් site එකම මේකට upload කරන එක. ඔයාගෙ වෙබ් site එකේ තියෙන්නෙ එක page එකක් විතරනම් එච්චර දුක් විඳින්න ඕනෙ නෑ. එතකොට කරන විදිය පහලින් තියෙනව. 
දැන් ඔයාගෙ compter එකේ ඔයාගෙ වෙබ් site එක තියෙන තැනට ගිහින් ඒ site එකම zip file එකක් කරන්න. මම දාල තියෙන picture එක වගේ ඔයාගෙ වෙබ් එකට අදාල ඔක්කොම files ටික select කරල right click කරල send to compressed zipped folder කරන්න. එතකොට අලුතින් .zip file එකක් හැදෙනව. ඒ එක තමයි අපි upload කරන්නෙ. 
ඊට පස්සෙ අර අපිට අන්තිමට ආපු වෙබ් එකේ දකුණු පැත්තෙ තියෙන Browse button එක click කරන්න. එතකොට ඔයාට upload කරන්න තැනක් පෙන්නනවනෙ. ඒකට අර අලුතෙන් හැදුන .zip file එක select කරන්න. ඊට පස්සෙ එකේ උඩින් තියෙන කොල පාට හරිය click කරන්න. එතකොට අර file එක upload වෙනවා. හැබැයි ඒකට නම් ටිකක් වෙලා යාවි ඔයාගෙ connection එකේ speed එක අනුව. කොහොමහරි අන්තිමට ඔයාලට මේ වගේ window එකක් ඒවි. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔය කොල පාට හරියක් ආපහු ඔබල back යන එක.back යන්න ඊට මෙහා පැත්තෙ තියෙන ඊතලේ click කරන්න. 

දැන් ඉතින් ඔයා වෙබ් page එක හොස්ට් කරල ඉවරයි. හැබැයි මතක තියාගන්න ඕනෙ තව කාරණයක් තියෙනවා. ඒක තමයි කවුරු හරි ඔයාගෙ වෙබ් page එකට යද්දි ඉස්සෙල්ලම පෙන්නන්නෙ index file එක. එහෙම file එකක් ඔයා upload කරල තිබුනෙ නැත්නම් ඒ folder එකේ තියෙන files list එකක් තමයි පෙන්නන්නෙ. ඒක නිසා ඔයාගෙ වෙබ් site එකේ තියෙන්නෙ එක page එකක් විතරනම් ඒ page එක index.html කියාල rename කරන්න. ඒක php file එකක් නම් index.php කියල rename කරන්න. ඔයාගෙ page කිහිපයක් තියේ නම් අනිවාර්යයෙන්ම එකක් index කියල rename කරන්නම වෙන්වා.

දැන් ඉතින් වැඩේ නම් ඉවරයි. දැන් ඉතින් තියෙන්නෙ test කරල බලන එක තමයි. ඒකට අර මුලින්ම ඔයා type කරපු domain name එක browser එකේ ගහල බලන්න.

මේ පිංතූරෙ අංක දෙකෙන් දාල තියෙන තැන ඔයා type කරපු name එක තමා ඔයාගෙ domain name එක. එතකොට ඔයාගෙ වෙබ් page එකේ URL එක වෙන්නෙ ඔය මුලු part එකම. මගෙ උදාහරනෙ හැටියට නම් browser එකේ www.newmydomain.netne.net ගැහුවම හරි. Test කරල බලන්න. 
මේකට අපිට නොමිලේ 000webhost site එකෙන්ම domain name එකකුත් දීපු නිසා වෙනම domain name එකක් හදන්න ඕනෙ උනේ නෑ. එහෙම දෙන්නෙ නැති site එකකින් හොස්ට් කරද්දි කොහොමද නොමිලේ domain name එකක් ගන්නෙ කියල අපි වෙනම ලිපියකින් බලමු.
ඔයාට මේ ලිපිය යම් විදියකින් ප්‍රයෝජනවත් උනා නම් මේකට මොනව හරි comment එකක් දාල share කරන්න. ඒක මට වගේම තව කෙනෙකුට කරන උදව්වක්. එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙන තුරු BYE


ඔබට බෙහෙවින් ස්තුතියි මාගේ මේ ලිපිය කියෙව්වට.
Thank You so much for reading this post by me. Good Luck