කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-06-08

Windows පරිගනකයක USB ports ක්‍රියවිරහිත හෝ ක්‍රියාත්මක(disable or enable) කිරීම

මම දැන් කියන්න යන්නෙ කොහොමද අපේ windows computer එකක USB disable කරන්නෙ කියලා. මේක විශේෂයෙන්ම අදාල වෙන්නේ USB pen drives (flash drives) disable කිරීමට. ඒත් USB modem වගේ අනෙකුත් USB උපාංග disable කිරීමටත් මේ ක්‍රමේ යොදාගන්න පුලුවන්.
මේකට කරන්න තියෙන්නෙ හරිම ලේසි දෙයක්. Windows Registry එකේ Key එකක Value එක වෙනස් කරන එක තමා කරන්න තියෙන්නෙ. හැබැයි මොනව හරි හේතුවකින් ඒ වෙනස් කරන Value එක ආපහු ඔයාට තිබුන තත්වෙට පත්කරගන්න බැරිඋනොත් ප්‍රශ්නයක් වෙන නිසා මුලින්ම බලමු කොහොමද අපි මේ තියෙන key value එක backup කරගන්නෙ කියල.
මුලින්ම System Registry එක open කරගන්න. ඒ සඳහා

start menu එක open කරලා යටම තියෙන search bar එකෙහි regedit කියල type කරන්න. එතකොට පහල දැක්වෙනව වගේ registry එකට යන link එක පෙනේවි. ඒක left click කරන්න.
එහෙම නැතිනම් run window එක open කරගෙන එහි regedit කියල type කරන්න. ඊට පස්සෙ run කියන එක press කරන්න. (Run window එක open කරගනීමට Alt, Ctrl keys අතරෙ තියෙන Windows key එක හා R key එක press කරන්න )
ඔයාට Registry එක open කරගන්න නම් administrative privileges තියෙන්න ඕන. ඒ කියන්නෙ ඔයා මේ computer එකේ admin කෙනෙක් වෙන්න ඕන. සමහර විට regedit කියන එක open කරන්නද කියල message box එකක් ඒවි. ඒකට YES click කරන්න.
Registry එක open උනාම ඔයාට ඔය වගේ window එකක් දැකගන්න පුලුවන් වේවි. ඒකෙන් ඔයා ඔය පහල දාල තියෙන key එක හොයගන්න ඕන. ඒක හොයාගන්න ඔයාට ඕනනම් Edit menu එකෙන් Fine අරගෙන ඒකෙ ඔය words ටික type කරල find කරන්නත් පුලුවන්. එහෙම නැතිනම් HKEY_LOCAL_MACHINE මුලින්ම පටන් ගන්න තැන තියෙන පොඩි ඊතලය click කරන්න. එතකොට ඒක ඇතුලෙන් තව list එකක් open වේවි. ඒකෙන් SYSTEM තෝරන්න. මේ විදියට ඔයාට පුලුවන් අවශ්‍ය key එක හොයාගන්න.
[HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\services\USBSTOR]

අවශ්‍ය key එක හොයාගත්තට පස්සෙ මුලින්ම කරන්න ඕන ඒකෙ දැනට තියෙන values backup කරගන්න එක. ඒකට ඔය පහල picture එකේ විදියට right click කරල Export කරන්න.

ඊට පස්සෙ ඔයාට පුලුවන් දැනට තියෙන values ටික file එකක් විදියට ඔයාට කැමති තැනක කැමති නමකින් save කරගන්න.
ඔයා values වෙනස් කරාට පස්සෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබුනොත් ඔය save කරපු file එක double click කරල ඔයාට පුලුවන් කලින් තිබුන values ටික නැවත restore කරගන්න.

දැන් අපි වෙනස් කරන්න ඕන දකුණු පැත්තෙ තියෙන start කියන value එක. start කියන එක double click කරන්න. එතකොට අලුත් window එකක් open වේවි. ඒකෙ value එක 3 නම් USB enable කරල තියෙන්නෙ. value එක 4 නම් disable කරල තියෙන්නෙ. ඔයාට ඕන කරන්න disable නිසා ඒ value එක 4 විදියට වෙනස් කරන්න. ඊට පස්සෙ OK click කරල computer එක restart කරන්න. එතකොට ඔයාගෙ ඔක්කොම USB ports disable වෙනවා. සමහර වෙලාවට restart කරන්න ඕන වෙන්නෙත් නෑ.
මේ විදියටම ඔයාට disable කරපු USB ports තියෙන computer එකක USB ports enable කරගන්නත් මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.

 ---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එකේ මොනව හරි අවුලක් තියෙනවනම් comment එකකින් ඒ ගැන අහන්න. එහෙම නැත්නම් Email එකකින් අහල එවන්න.
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.