කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2013-08-09

මොබිටෙල් හා ඩයලොග් දුරකථන වලට නොමිලයේ MMS යැවීම

 මෙම ලිපියෙන් අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි ඩයලොග් හෝ මොබිටෙල් දුරකතනයකට නොමිලයේ MMS යවන්නේ කියලා. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ඊ-මේල් ගිණුමක් පමණයි. මම මේ සඳහා භාවිතා කරන්නේ නොමිලයේ ලබාගත හැකි GMAIL ගිණුමක්. මේ සඳහා කරන්න තියෙන්නේ බොහොම ලෙහෙසි දෙයක්. ඔබට අවශ්‍ය වන්නේ මොබිටෙල් දුරකතනයකට MMS පණිවිඩයක් යැවීමට නම් මුලින්ම ඔබේ ඊ-මේල් ගිණුමට ගොස් අලුත් ඊ-මේල් පණිවිඩයක් යැවීම තෝරන්න. ඉන් පසු එම නව ඊ-මේල් පණිවිඩයට ඔබට යැවීමට අවශ්‍ය වන පිංතුරය එකතු(Attach) කරන්න. ඔබට යම් පනිවිදයකුත් යැවීමට අවශ්‍ය නම් එය ඊ-මේල් එකෙහි සඳහන් කර පහත ආකාරයට පහත ලිපිනයට එම ඊ-මේල් පණිවිඩය යවන්න.

ඔබට යැවීමට අවශ්‍ය වන්නේ මොබිටෙල් දුරකතනයකට නම් ....
+94XXXXXXXXX@mms.mobitel.lk

ඔබට යැවීමට අවශ්‍ය වන්නේ ඩයලොග් දුරකතනයකට නම් ....
+94XXXXXXXXX@mms.dialog.lk

මෙහිදී යැවීමට අවශ්‍ය දුරකථන අංක XXXXXXXXX කොටස වෙනුවට යොදන්න අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදියට ඔබට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය 0711234567 නම් +94711234567@mms.mobitel.lk යන ලිපිනයටද ඔබට පණිවිඩය යැවීමට අවශ්‍ය දුරකථන අංකය 0771234567 නම් +94771234567@mm.dialog.lk යන  ලිපිනයටද ඊ-මේල් ලිපිය යවන්න. 


2013-04-04

මෘදුකාංග නිෂ්පාදනයට අවශ්‍ය ICON නොමිලයේ ලබාගැනීම I

ඔබ මෘදුකාංග නිෂ්පාදනය කරන කෙනෙක් නම් ඔබට අත්‍යවශ්‍ය වනදෙයක් තමයි එම මෘදුකාංග වලට අවශ්‍ය වන graphics ලබාගැනීම. මේ අවශ්‍යතා අතර ප්‍රධාන තැනක් ගන්නවා චලනය වන icons. ඉතින් මෙම ලිපිය එවැනි චලනය වන icon ලබන්නේ කොහොමද කියල විස්තර කරන ලිපි පෙළක පලවෙනි ලිපියයි.
මුලින්ම මම ඔයාලට ලබාදෙන්නේ පහසුවෙන් Loading Icons ලබාගැනීමට පුළුවන් වන ආකාරයක්. ඇත්තටම මේක වෙබ් සයිට් එකක්.

http://ajaxload.info/



ඔයාල මේ ලින්කුවෙන් දැක්වෙන වෙබ් සයිට් එකට ගියාම දැකගන්න පුළුවන් පහල දාල තියෙනවා වගේ පිටුවක්. මේ පිටුවේ Indicator type කියන තැනින් අවශ්‍ය icon එකේ ස්වරුපය තෝරාගෙන background හා foreground එනම් පසුබිම් හා මතුපිට වර්ණයන් අවශ්‍ය පරිදි තෝරා Generate It click කිරීමෙන් අවශ්‍ය icon එක ලබාගත හැකි වෙනවා. Transparent Background check box එක check කර තිබීමෙන් අපිට පසුබිම විනිවිද පෙනෙන ආකාරයට icon එක නිර්මාණය කරගත හැකි වෙනවා. ඊටපසුව Download it මගින් එම icon එක බාගත කරගන්න පුළුවන්.

2013-02-15

පහසුවෙන් සිංහල type කරන්න පුළුවන් වෙන විදියට වින්ඩෝස් පරිගණකය සකස් කර ගැනීම

අද අන්තර් ජාලය තුල බොහෝ විට ඉංග්‍රීසි වලට අමතරව විවිද භාෂා භාවිතා වෙනවා. එත් අපිට තියෙන යතුරු පුලුවරුවෙන් පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි වචන විතරයි. එමනිසා සිංහල වගේ වෙනත් භාෂාවකින් ටයිප් කරන්න නම් වෙනත් තැනක ටයිප් කරලා අවශ්‍ය තැනට ගන්න වෙනවා. මෙම ලිපියෙන් මම කියන්න යන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ නැති පහසු ක්‍රමයක් ගැනයි. අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන ගමන්ම ඉබේම සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. ටයිප් කරන්න තියෙන්නේ සිංග්ලිෂ් ක්‍රමයට.

මේ සදහා අපි පොඩි මෘදුකාංගයක් ස්ථාපිත කරන්න අවශ්‍ය වෙනවා. එය ගූගල් සමගම විසින් නොමිලයේ ලබාදෙන සේවාවක්. ඉතා කුඩා මෘදුකාංගයක්. එය බාගත කරගැනීම සඳහා පහත ලිපිනයට යන්න


ඉන්පසු ඔයාට ඔය මම පහල දාල තියෙනවා වගේ පිටුවක් ලැබේවි. එහි දකුණු පස තියෙන භාෂා වලින් ඔයාට අවශ්‍ය වෙන භාෂාව තෝරාගන්න. මම සිංහල තෝරලා තියෙන්නේ. අංක 1 පරිදි. 

ඊට පසුව අංක 2න් දැක්වෙන පරිදි ගූගල් සමාගමේ කොන්දේසි කියවා  එයට එකග වීමට ටික් කරන්න. පසුව Download කියන ලින්කුවෙන් මෘදුකාංගය බාගත කරගන්න.

සමහර අවස්ථාවල බාගත  කිරීම සඳහා විමසුමක් ලැබුන හොත් එය Accept කරන්න. බාගත වීම අවසන් වූ පසු එය දෙවරක් ක්ලික් කර ක්‍රියාත්මක කරගන්න. එවිට තවත් වින්ඩෝවක් පැමිණ ඔබේ පරිගණකයට මෘදුකාංගය ස්ථාපිත වේවි. 

නිවැරදිව ස්ථාපිත වුවාට පසු ඔයාට යතුරු පුවරුවේ Shift යතුර හා Alt යතුර එකවර තද කිරීමෙන් අවශ්‍ය භාෂාවට මාරු විය හැකියි. ඔයා සිංහලට මාරු වී ඇති විටක ටයිප් කරන වෙලාවට පහත රුපයේ පරිදි පොඩි මෙනුවක් ඇවිත් ඔයා ටයිප් කරන වචනය හදුනාගැනීමට සලස්වයි. 

මෙම මෘදුකාංගයට හුරුවීමෙන් වඩාත් පහසුවෙන් ඉංග්‍රීසි තරම්ම වේගයෙන් ඔයාටත් සිංහල භාවිත කරන්න පුළුවන්. මේක අන්තර්ජාලයට පමණක් නෙමේ. වෙනත් ටයිප් කරන්න තියෙන ඕනෑම තැනකට යොදාගන්න පුළුවන්. විශේෂයෙන් facebook වැනි සමාජ ජාල තුල චැට් කිරීමට හෝ පොස්ට් දැමීමට යොදාගත හැක. ඉතින් එහෙනම් සිංහල අයට සිංහලෙන්ම තම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. වෙනත් භාෂා අවශ්‍ය යට වෙනත් එකකින්.

එහෙනම් මේ පිලිබඳ තවත් මොනවා හරි දැනගන්න තියෙනවනම් හෝ මොනවහරි කියන්න තියෙනවනම් පහලින් comment  කරන්න. එහෙමත් නැත්නම් මට email  කරන්න. නැවත ඊලග ලිපියෙන් හමුවෙමු.