කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-09-13

හදපු බ්ලොග්ස්පොට් බ්ලොග් එක ටිකක් ලස්සන කර ගැනීම

මීට පෙර ලිපියෙන් අපි හැදුවනෙ බ්ලොගර් එකෙන් බ්ලොග් එකක්. ඉතින් මේ ලිපියෙන් බලමු කොහොමද ඒ බ්ලොග් එකට එක එක ඒවා එකතු කරලා ලස්සන කරගන්නේ කියලා. ඔයා කලින් ලිපිය කියෙව්වෙත් නැත්නම් බ්ලොග් එකක් හදාගන්න විදිය දන්නේත් නැත්නම් කලින් ලිපිය මුලින්ම කියවලා ඉන්න.


මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ගිහින් දකුණු පැත්තේ ඉහලින්ම තියෙන sign in කියන එකෙන් ගිහින් ලොග් වෙන්න. ඔයා බ්ලොග් එකට ගියහම sign in කියලා එකක් නැතිනම් ඔයා ලොග් වෙලාමයි ඉන්නේ. එතකොට ඔයාට ලැබේ මේ පහල දාලා තියෙනවා වගේ පිටුවක්.


මෙහි රතු පාටින් රවුම් කරලා තියෙනේ බ්ලොග් එකේ තියෙන අපිට වෙනස් කරන්න පුලුවන් එක කොටසක් වෙනස් කරන්න ඔන නම් ඔබන්න ඕන තැන. මේවගේ තැන් ඔයාගෙ බ්ලොග් එකෙත් සමහර විට ඇති. නැත්නම් ඊලගට මම කියන්නේ ඒවගේ කොටස් ඔයාගේ බ්ලොග් එකට එකතු කරගන්න හැටි. ඉතින් මේවගේ කොටසක් එකතු කරල තියෙනවා නම් ඒවා වෙනස් කරන්න පුලුවන් මේ රවුම් කරල තියෙන කොටස එබීමේන්.

එහෙනම් දැන් අපි බලමු කොහොමද අලුතෙන් මේ වගේ කොටසක් එකතු කරගන්නේ කියලා. ඒකට මුලින්ම ඔය ඉහල දාල තියෙන පින්තූරයේ නිල් පාටින් රවුම් කරල තියෙන Design කියන ලින්ක් එක ඔබන්න. එතකොට මේ පහල තියෙනවා වගේ පින්තූරයක් ලබේවි.

සමහර විට මීට වඩා ටිකක් විතර වෙනස් ඇති. එහෙම උනාට කමක් නෑ. ඉතින් මෙහි වම්පස කෙලවරේම තියෙන මෙනුවෙන් තමා ඔයාගේ බ්ලොග් එකේ වෙනස් කම් කරන්න තියෙන්නේ. දැන් අපි හදන්නේ ඔයාගෙ බ්ලොග් එකට අලුත් මොනවහරි කොටසක් එකතු කරන්නනේ. ඒ සදහා Layout කියන එක ඔබන්න. එතකොට දැනට ඔයාගේ බ්ලොග් එකෙ සැකැස්ම බලාගන්න පුලුවන් වේවි. ඒක ඔය මම පහල දාල තියෙන එක වගේ වේවි.


මුලින්ම කියන්නම් වම් පැත්තේ ඉහලින්ම තියෙන කොටස ගැන. ඒ කියන්නේ Favicon කියල තියෙන එක. ඒකෙන් කරන්නේ අපෙ බ්ලොග් එකේ icon එක වෙනස් කරන එක. මේ icon එක තමයි ඔය මම දාල තියෙන පින්තූරයේ ඉහල රතු පාටින් රවුම් කරලා තියෙන icon එක. මේකේ හැටියටනම් තැබිලි පාට icon එක. ඉතින් මම අර කලින් කියපු තැන Edit කියන එක ඔබලා ඔයාට පුලුවන් ඔයාගෙ බ්ලොග් එකට ඕන icon එකක් යොදාගන්න.

ඊලගට ඔයාට පුලුවන් ඔය Add a Gadget කියල තියෙන තැන් ඔබලා අලුත් කොටසක් බ්ලොග් එකට එකතු කරගන්න. ඒක ගත්තම ඔයාට පහල පින්තූරයෙන් වගේ පිටුවක් ඒවි.


ඒකේ තියෙනවා ඔයාට බ්ලොග් එකට එකතු කරන්න පුලුවන් විවිද කොටස්. මෙහි තියෙන ගොඩක් ඒවා බ්ලොගර් එකෙන් ලබාදෙන අයිතම. ඒ ඕන එකක් ඔයාට බ්ලොගර් මගින් දෙන උපදෙක් පහසුවෙන් තේරුම් අරන් ඔයාගේ බ්ලොග් එකට එකතු කරගන්න පුලුවන්. ඒවගේ වැදගත් දෙක තුනක් අපි වෙනත් ලිපියකින් බලමු. දැන් මම කියන්න යන්නේ බොහෝවිට අපිට HTML JAVASCRIPT මගින් එකතු කරන්න පුලුවන් කොටස් ගැන.
අපිට අපේ බ්ලොග් එකට වෙනත් වෙබ් අඩවියකින් සපයන කොටසක් එහෙමත් නැතිනම් Gadget එකක් එකතු කරගන්න පුලුවන් වෙන්නේ මේ HTML/Javascript කියන කොටසෙන්. ඔයා HTML/JavaScript ගැන දන්නවනම් ඔයාට ඕන විදියෙ කොටසක් HTML/JavaScript වලින් ඔයාටම නිර්මාණය කරලා මේකට එකතු කරන්න පුලුවන්. එහෙම නැතිනම් වෙනත් වෙබ් අඩවියකින් ලබාදෙන Code එක මේකට දාගෙන ඒ අදාල Gadget එක ඔයාගේ බ්ලොග් එකට එකතු කරගන්නත් පුලුවන්. ඒ සදහා මුලින් ම ඔය ඉහලින් දාල තියෙන පින්තූරයේ තියෙනවා වගේ HTML/JavaScript කොටසෙහි දකුණුපසින් තියෙන නිල් පාට එකතු කිරීමේ ලකුණ ඔබන්න. එතකොට අලුත් පිටුවක් එවි.ඔයාගෙ පුලුවන් ඕන HTML/JavaScript Code එකක් ඒකට Paste කරලා එහෙමත් නැතිනම් Type කරලා Save කරන්න. ඊට පස්සෙ ඒ අදාල කොටස ඔයාගේ බ්ලොග් එකට එකතු වේවි. ඉතින් අර Add a Gadget කියන එක ඔබන්නේ නැතුව එහාට මෙහාට ඇදලා ඒක තියෙන තැන වෙනස් කරගන්නත් පුලුවන්. ඒක ඔයාට කරල බලද්දිම තේරේවි.

හරි. මේක හරියටම තේරෙන්නත් එක්ක මන් වෙනත් වෙබ් අඩවියකින් ලබාදෙන එකක් ඔයාගේ බ්ලොග් එකට එකතු කරන හැටි කියලා දෙන්නම්. මුලින්ම මේ පහල දාල තියෙන ලින්ක් එකට යන්න.


ඊට පස්සේ එන පිටුවෙන් ඔයාට ඕන clock එකක් තෝරලා ඒක යටින් තියෙන view html කියන එක ඔබන්න. එතකොට ඔයාට එන පිටුවෙන් Accept කියන එක එබුවම එන පිටුවෙ තියෙනවා අවශ්‍යය කරන HTML code එක. ඒ තියෙන කොටස සම්පූර්ණයෙන් copy (Ctrl+C)  කරගෙන අර මම මුලින් Paste(Ctrl+V) කරන්න කියපු එකට paste කරන්න. ඊට පස්සේ Save කරානම් හරි.

ඉතින් මේ විදියට ඔයාට පුලුවන් නොයෙකුත් විදියේ Gadgets ඔයාගෙ බොල්ග් එකට එකතු කරගන්න. Google එකට ගිහින් Add new gadgets to my blog කියල type කරානම් ඕන තරම් හොයාගන්න පුලුවන් එක එක වර්ග වල Gadgets. ඉතින් මේ ලිපියට අදාල ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment එකක් දාල ඉදිරිපත් කරන්න. එහෙමත් නැත්නම් මට Email කරන්න. තවත් කියන්න ඕනයි කියල දෙයක් හම්බ උනොත් අපහු මේව ගැන ලිපියකින් හමුවෙමු.

Fine me on Google+

2012-05-10

No comments:

Post a Comment

Let me know your ideas or doubts...