කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2012-07-17

Windows පරිගණකයක නවතාගත නොහැකි වැඩසටහනක් නවතාලීම

දැන් මම කියන්න යන්නේ නවත්තගන්න බැරි වැඩසටහනක් කොහොමද නවත්තගන්නෙ කියලා. ඒ කියන්නෙ close වෙන්නෙ නැති program එකක් කොහොමද close කරගන්නේ කියලා. මේක ටිකක් සරල දෙයක්. ඒත් සමහර අය නොදන්න නිසයි කියන්නේ. මුලින්ම අපි කරන්න ඕන Task Manager එක open කරගන්න එක. ඒ සදහා ක්‍රම කීපයක්ම තියෙනවා. පහසුම ක්‍රමය තමයි Ctrl + Shift කියන keys දෙක ඔබාගෙනම Esc key එක ඔබන එක. මේ ක්‍රමේ windows 7 වලට හා windows XP වලට වැඩ කරනවා. එහෙමත් නැතිනම් හෝ windows පරන version එකක් නම් Alt + Ctrl + Del කියන button තුනම එකවර press කරන්න. එතකොට සමහර විට Task Manager open වේවි.එහෙම නැතිනම් ඒක open කරන්න මෙනුවක් ඒවි.

 
එහෙමත් නැතිනම් අපිට පුලුවන් ඩෙස්ක්ටොප් එකේ යටින්ම තියෙන Task Bar එක මත click කරල එන මෙනුවෙන් Task Manager කියන එක තෝරගන්න. 
Task Manager එක open කරගත්තම පහල දාල තියෙනවා වගේ පෙනේවි.






ඔයාල මේකෙන් Process කියන Tab එක තෝරගන්න ඕන. ඔය රතු පාටින් ලකුනු කරල තියෙනවා වගේ. ඊට පස්සෙ ඔයාලගෙ computer එකේ දැනට run වෙන ඔක්කෝම processes ඕකෙ බලාගන්න පුලුවන්. ඒවගෙන් ඔයාට නවත්තන්න ඕන වැඩසටහන තෝරල පහල තියෙන End Process button එක press කරන්න.
එතකොට එන window වට End process කියල දුන්නම program එක නවතිනවා. හැබැයි මේ ක්‍රමේ හැමතිස්සෙම program නවත්තන එක එච්චරම හොද නෑ. මොකද ඒක ඔයාගෙ සමහර data නැතිවෙන්න බලපානවා. ඒ වගේම ඔයාගෙ Hard Disk එක damage වෙන්නත් පුලුවන්.

No comments:

Post a Comment

Let me know your ideas or doubts...