කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2011-12-07

පරිගනකය Startup වෙන්න යන කාලය අඩු කරගන්නෙ කොහොමද..

අපි අපේ පරිගනකය ක්‍රියාත්මක කරලා ඒකෙන් වඩක් කරන්න පටන් ගන්න කොච්චර වෙලාවක් යනවද? මේ කාලය රඳා පවතිනවා ගොඩක් කරුනු මත. ප්‍රධානවම OS එක අනුව. ඊලගට වැඩිපුරම බලපාන්නෙ පරිගනකය ක්‍රියාත්මක වෙද්දි කොච්චර application ගානක් ක්‍රියාත්මක වෙනවද කියන එක.
ගොඩක් වෙලාවට මේ ක්‍රියාත්මක වෙන application අපිට ඕනෙ ඒවා නෙමේ. සමහර ඒව අපිට start up එකේදි ඕනෙ වෙන්නෙ නෑ. ඉතින් මේ run වෙන එක අපි නැවැත්තුවොත් අපේ පරිගනකය ක්‍රියාත්මක වෙන්න යන කාලය ගොඩක් දුරට අඩුකරගන්න පුලුවන්. ඒ වගේම අපිට කරදර කරන application, ඒවගේම විශේශයෙන්ම අපිට කරදර කරන වයිරස් බොහෝ දුරට අඩු කරගන්න පුලුවන්. ඉතින් මන් මේ ලිපියෙන් ඒ application start up දි run වෙන එක නවත්තන්න තමා කියල දෙන්න යන්නෙ.
මුලින්ම අපි බලමු කොහොමද මේ application start up එකේදි run වෙන විදියට හදන්නෙ කියලා. ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි start up කියන folder එකට ඒ application එකේ short cut එකක් දාන එක. අනිත් ක්‍රමේ තමයි පරිගනකෙයේ registry එකේ ලියන එක.
බොහෝ විට ඉතින් ඔය ක්‍රම දෙකෙන් දෙවෙනි එක තමයි භාවිතා වෙන්නෙ. ඒත් අපි මුලින්ම පලවෙනි ක්‍රමේ බලමු.
අපේ windows computer එකේ තියෙනව start up කියල folder එකක්. ඒක අතුලෙ තියෙන හැම exe file එකක්ම අපේ පරිගනකය ක්‍රියාත්මක වෙනකොට run වෙනවා.
අපි බලමු මේ folder එක කොහෙද තියෙන්නෙ කියලා. මුලින්ම ඔයාගෙ start button එක click කරන්න. ඊට පස්සෙ All Programs යන්න. දැන් ඔතන තියෙනවා Start up කියල folder එකක්. ඒක click කරාම ඒ folder එක open වෙනවා.

දැන් ඉතින් ඔය folder එක අතුලෙ අනවශ්‍ය programs එහෙම තියෙනවනම් ඒව මකලා දාන්න.
ඊලගට බලමු අනිත් ටික අයින් කරන විදිය. ඒක තමා වඩා වැදගත් වෙන්නෙ. මොකද ගොඩක් application මෙන්ම වයිරස් පරිගනකය start වෙනකොටම run වෙන්න හදල තියෙන්නෙ එතනින්. ඒ කියන්නෙ registry එකෙන්. ඒත් අපිට registry එක අත පත ගානවට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා ඔය අනවශ්‍ය application run වෙන එක නවත්තන්න.
ඒකට ඉස්සෙල්ලම run window එක open කරගන්න ඕනෙ. මුලින්ම ඔයාගෙ start button එක click කරන්න. ඊලඟට එතනින් All programs ගන්න. ඊට පස්සෙ Accessories . ඊට පස්සෙ ඒක අතුලෙ තියෙනව Run කියලා.
එහෙම නැත්නම් ඔයා use කරන්නෙ Windows 7 නම් start button එක click කරපු වම පහලම තියෙන search text එකේ run කියල type කරන්න. එතකොට Run එක search වෙනව. ඊට පස්සෙ Enter key ගහපුවම හරි.
ඔයාගෙ තියෙන්නෙ Windows XP නම් Keyboard එකේ Ctrl key එක එක්ක R key එක ගහන්න. එතකොට නිකන්ම Run එක open වෙනවා.
දැන් ඔයාට ඔය මම පහළින් දාල තියෙනවා වගේ එක වෙලා ඇති.
 දැන් ඒ open උන run window එකේ msconfig කියලා type කරල Enter key එක ඔබන්න. එතකොට අලුත් window එකක් open වේවි. ඒකෙන් Start up කියන tab එක තෝරගන්න. දැන් ඔය පහලින් tik දාල තියෙන application තමයි ඔයාගෙ computer එක start වෙද්දි run වෙන programs.
හැබැයි ඒවගෙන් Manufacturer කියන එකට අදාලව Microsoft කියල තියෙන ඒවනම් ඔයාගෙ OS එකත් එක්ක Microsoft එකෙන් ආපුවා. ඒවනම් untik කරන්න එපා. තව Manufacturer එකට අදාලව ඔයා install කරපු software එකක නමක් තියෙන ඒවත් ඔයාට ඒ software එක computer එක start වෙනකොට run වෙන්න ඕනෙ නම් ඒවත් untik කරන්න එපා. හැබැයි බොහෝ වෙලාවට Manufacturer එකට අදාලව Unknown කියල තියෙන්නෙ නම් එච්චර හොඳ application නෙමේ. ඒවා ඔයා දන්න ඒවා නෙමේ නම් untik කරන එක තමා හොඳම වැඩේ.
බැරි වෙලාවත් ඔයා ඔයාට ඕන කරන application එකකුත් untik කරල තිබුනොත් ඊලඟ පාර computer එක on කරද්දි ඒ application එක run වෙන්නෙ නෑ. ඒක ඔයාට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒක නිසා ඔයා මොන application එක untik කරත් ඒ දේ කරන්න කලින් ඒ කරපු නම කොහෙ හරි ලියාගත්තොත් ඇගට ගුන වේවි. නැත්නම් අයෙත් ඔක්කොම ටික tik කරන්න වේවි.
දැන් ඉතින් ඔයා ඔයාට අනවශ්‍ය application untik කරලා පහලින් තියෙන Apply button එක ඔබන්න. ඊට පස්සෙ OK button එක එබුවම වැඩේ හරි. සමහර විට ඔය මම දාල තියෙනවා වගේ message එකක් ඒවි. ඒකෙන් දෙවෙනි option එක තෝරගන්න. ඒ කියන්නෙ  Exit without restart කියන එක.

දැන් ඉතින් බලන්න කලින්ට වඩා computer එකේ start up එක speed උනාද, ඔයාට වද දෙන application run වෙන එක නැති උනාද, වයිරස් එහෙම අඩු උනාද කියලා. බලලා ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත හමුවෙන තුරු ආයුබෝවන්.

No comments:

Post a Comment

Let me know your ideas or doubts...