මම දැන් කියන්න යන්නෙ අපේ Computer එකෙන් සමහර website වලට යන්න බැරි කරන්න පුලුවන් එක ක්‍රමයක් ගැන. ඔයාගෙ computer එක තව කට්ටිය use කරනවනම් හරි වෙන කාගෙ හරි computer එකකට මොකක් හරි website එකකට යන්න බැරි වෙන්න block කරන්න ඕනනම් හරි මේ ක්‍රමේ භාවිතා කරන්න පුලුවන්.
මේක කරන්නෙ මෙහෙමයි.
මුලින්ම ඔය පහල දාල තියෙන path එකට යන්න ඕන.
C Drive -> Windows -> System32 -> Drivers -> etc
C:\Windows\System32\drivers\etc
ඊට පස්සෙ ඒ ගිය folder එකේ තියෙනවා file එකක් hosts කියලා. ඒ file එක Right Click කරල Copy කරන්න (Ctrl + C). ඊට පස්සෙ ඔයාගෙ Desktop එකට ගිහින් Right Click කරල Paste කරන්න(Ctrl + V).
දැන් Start Menu එකෙන් Notepad එක Open කර ගන්න. ඊට පස්සෙ අර desktop එකට paste කරපු hosts කියන file එක notepad එකට ඇදල දාන්න. (desktop එකේ තියෙන hosts file එක notepad එකෙන් open කරන්න ). පහල දාල තියෙනවා වගේ window එකක් ලැබේවි.
ඒකෙන් පහලම තියෙන line එකෙන් පස්සෙ තව line එකක් එකතු කරන්න. ඔය මම පහල දාල තියෙන්වා වගේ.
මම ඔය දාල තියෙන විදියට www.yahoo.com දැම්මොත් yahoo.com site එකට යන්න බෑ. ඒ website එක block වෙනවා. මේ වගේ ඔයාට block කරන්න ඕන ඔක්කොම websites අලුත් lines වල ඔය විදියටම ලියන්න. ඕකෙ 127.0.0.1 කියල තියෙන්නෙ අපේ localhost IP address එක. ඒක වෙනුවට අපිට ඕන IP address එකක් දාන්න පුලුවන්. එතකොට ඊට එහා පැත්තෙ තියෙන hostname එක browser එකෙන් load කරපු ගමන් යන්නෙ අර IP එකට අදාල තැනට. ඉතින් මේ ක්‍රමෙන් පුලුවන් ඔයාලට ඕන website එකක් block කරන්න හරි ඕන site එකකට හරවල යවන්න හරි.
---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එකේ මොනව හරි අවුලක් තියෙනවනම් comment එකකින් ඒ ගැන අහන්න. එහෙම නැත්නම් Email එකකින් අහල එවන්න.
ඔයාට
මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක
share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක
කරන්න එපා.
දිනපතා පරිගණක සමග ජීවත්වන අපිට පරිගණකය නැතිවම බැරි අංගයක් වෙලා. හොදට හෝ නරකට දැන් හැමදෙයක්ම පරිගණක සමග බැදිලා. ඉතින් මමත් පරිගණකය සමග වැඩකරන විට මට දැනුන ගැටළු වලට මම සොයාගත් විසදුම් හා අලුත් දේවල් ඔබ සමග බෙදා ගන්න ගත පුංචි උත්සහයක් තමයි පරිගණක Tricks කියන්නේ. මෙහි ඇති බොහෝ දැනුම මා විසින් අන්තර් ජාලයෙන් ලබාගත් දැනුම වන අතර ඒවා අවශ්‍ය පරිදි වැඩි දියුණු කර ඇත.
කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....
2012-02-22
2012-01-12
Folder EXE වයිරස් එක ආසාදිත Pen එකක දත්ත ටික බේරා ගැනීම.
ගොඩක්
ප්‍රසිද්ධ වයිරස් එකක් තමයි Folder EXE කියන Virus එක. මේක ගොඩක්ම
තියෙන්නෙ Pen Drives වල. අපි Pen එක Computer එකට ගැහුවම එකේ තිබ්බ Files
ටික පේන්නෙ නැතුව Shortcuts ටිකක් විතරක් පෙන්නනවා. ඔය පහල දාල තියෙන Pic
එකේ වගේ.
මේ Shortcut Click කරත් ඔයාලගෙ Pen එකේ තිබ්බ Folders Open වෙන්නෙ නෑ. Click කරාම වෙන්නෙ වයිරස් එක තව තවත් පැතිරෙන එක විතරයි.
මේ
වයිරස් එකෙන් කරන්නෙ ඔයාගෙ Pen එකේ තිබුන Folder වල නමින් EXE Files ටිකක්
හදනවා. මේ Files වයිරස් ආසාදිත ඒවා. ඒවා Click උනාම මේ වයිරස් එක පැතිරෙන
එක තමා වෙන්නෙ. ඒ වගේ ම ඔයාලගෙ Folder වල නම් වලින්ම Shortcuts ටිකක්
හදනවා. මේ Shortcut Click කරාම වෙන්නෙ අර වයිරස් අසාදිත Files ටික Run වෙන
එකයි. ඊට පස්සෙ අර ඔයාගෙ Original Folders ටික පේන්නෙ නැති කරනවා(Hidden
කරනවා) .
එතකොට ඔයා Pen එක Computer
එකට ගහල Open කරාම පේන්නෙ එක්කො අර Shortcuts ටික. එහෙම නැත්නම් ඔයාගෙ
Folders වල නමින් හදපු EXE ටික. මේ දෙකෙන් මොකක් Click කරත් වෙන්නෙ Virus
එක පැතිරෙන එක.
ඉතින් මේ වයිරස් එකෙන්
ඔයාගෙ Pen එකේ තිබුන Folders ටික බේරගන්න කරන්න තියෙන්නෙ ඒ Hide කරපු
Folders ටික Unhide කරන එක. එහෙම නැත්නම් ඒ ටික බලාගන්න ක්‍රමයක් හොයා ගන්න
එක.
හැබැයි ඉතින් මේ විදියට Hide කරන්න පුලුවන් windows වල විතරයි . ඒක නිස මේ Pen එක Linux වල, Ubuntu වගේ එකකට ගැහුවම ඔයාගෙ Folders ටික කිසිම වෙනසක් නැතිව පෙන්නනවා. ඒකෙන් ඔයාට අනවශ්‍ය shortcuts ටික මකල දාල වයිරස් ටිකත් මකල වයිරස් එකෙන් බේරෙන්න පුලුවන්. නමුත් මම දැන් කියන්න යන්නෙ Windows වල ඉදන්ම වැඩේ ගොඩ දාගන්න විදිය.
සාමන්‍යයෙන්
Windows Computer එකක Folders හා Files Hide කරන්න පුලුවන් ක්‍රම දෙකක්
තියෙනවා. එකක් තමයි සාමන්‍ය විදියට Properties වලින් ගිහින් Hide this කියන
එකට Tik එකක් දාල Hide කරන එක. තව ක්‍රමයක් තියෙනවා Hide Protected
Operating System Files කියලා. මේ ක්‍රමේට තමයි Operating System එක
Protected Files Hide කරලා තියෙන්නේ. ඒ වගේම මේ වයිරස් එක ඔයාගෙ Folders
ටික Hide කරලා තියෙන්නෙත්. මේ විදියට Hide කරපු Folders බලාගන්න පුලුවන්
අපිට මේ කියන Hide Protected Operating System Files එක Disable කරාම. ඒකට
__________________________________________________________________________________
Windows 7 නම්
Pen එක Open කරලා උඩම තියෙන
Organize-> Folder And Search Options
__________________________________________________________________________________
Windows XP නම්
Pen එක Open කරලා උඩම තියෙන
Tools->Folder Options
__________________________________________________________________________________
-> View Tab
Don't
Show hidden files, folders, or drives-ON කියන එක වෙනුවට Show hidden
files, folders, and drives-OFF කියන එක තෝරන්න. Hide protected operating
system files කියන එක untik කරන්න.
ඒ වගේම Hide extensions for known file types-ON එකත් untik කරන්න.
ඒ වගේම Hide extensions for known file types-ON එකත් untik කරන්න.
ඊට පස්සෙ Apply කරලා OK කරන්න. දැන් ඔයාට ඔයාගෙ Folders ටික Hide වෙලා තියෙනවා බලාගන්න පුලුවන් වෙයි. ඔය පහල දාල තියෙන එක වගේ.
Hide
Extensions for known file types-ON කියන එකත් untik කරපු නිස .exe කියන
virus ටිකත් බලාගන්න පුලුවන් වෙයි. හැබැයි දැන් Operating System එක Hide
කරපු Protected Files ටිකත් ඔයාට පේනව සමහර තැන් වල. විශේශෙන්ම ඔයාගෙ C
drive එකේ. ඒව ඔයා මොනවා හරි වෙනසක් කරොත් එහෙම වෙන්නේ ඔයාට ආපහු computer
එක On කරගන්නත් බැරි වෙන එක. ඒක නිස Pen එකේ ඇරෙන්න වෙන කිසිම තැනක තියෙන
Folder , File එකකට මොකුත් නොකරන්න වගබලාගන්න.
සමහර
වෙලාවට මේ වයිරස් එක දරුණුවටම ආසාදිත වෙලා තිබුනොත් ඔයාට මේ විදියට Unhide
කරන්න දෙන්නෙ නෑ. අර tik එක අයින් කරලා OK කරද්දි ආපහු tik එක වැටෙනවා.
ඒකට කරන පිලියම අපි වෙන ලිපියකින් බලමු. එතකන් Folders ටික ගොඩ දාගන්න
ක්‍රමයක් කියන්නම්. Shortcut වල තියෙන්නෙ ඔයාගෙ Folders වල නම මනෙ. ඉතින්
ඔයා Window එක උඩ තියෙන බාර් එකේ එකේ නම ගැහුවම ඒ Folder එක Open කරගන්න
පුලුවන්. එහෙම නැත්නම් පොඩි Software එකකින් පුලුවන් ඔයාගෙ Hide කරපු
Folders ටික ආපහු unhide කරගන්න.
ඔය
පහල තියෙන Link එකෙන් පුලුවන් මේ මෘදුකාංගය නොමිලේ ම Download කරගන්න.
හැබැයි මේ මෘදුකාංගයේ සියලු නිෂ්පාදිත අයිතිය තියෙන්නෙ Ruchira Ishara
Fernando සහෝදරයට.
මේ
මෘදුකාංගයෙන් අපිට Folder එකක් Hide කරන්නත් පුලුවන්. Hide කරපු එකක්
Unhide කරන්නත් පුලුවන්. ඉතින් ඕන නම් මේක Folder Hider එකක් විදියටත් Use
කරන්න පුලුවන්.
දැන් බලමු කොහොමද
මේකෙන් අර Hide වෙච්ච folders ටික Unhide කරන්නෙ කියලා. ඒකට මුලින්ම ඔයාට
කරන්න ඕනෙ Folder එකේ Path එක දැන ගන්න ඕනෙ. ඒකට මුලින්ම මේ Download කරපු
Software එක ඔයාගෙ Pen එකට Copy කරගන්න. ඔයාගෙ Hide වෙච්ච Folders ටික
බලාගන්න පුලුවන් නම් මේ Software එකේ තියෙන Browser එකෙන් ඔයාට ඒ අදාල
Folder එක තෝරල Show hidden Folder click කරාම හරි. ඒත් වයිරස් එක දරුණුවටම
ආසාදිත නම් Hide වෙච්ච Folders එහෙම බලාගන්නත් බෑනෙ. මුලින්ම ඔය පහල Pic
එකේ වගෙ window එක උඩ තියෙන බාර් එකේ මැදින් click කරන්න. Enter Press
කරන්න. එතකොට ඒ අදාල ඔයාගෙ Folder එකට යාවි.
ආපහු
අර බාර් එකේ මැදින් click කරලා මුලු path එකම select කරල Copy (CTRL + C)
කරගන්න. ඊට පස්සෙ අර software එකේ යට කොටුවට ඒක paste (CTRL + V) කරන්න. ඊට
පස්සෙ Show hidden Folder click කරාම ඒ folder එක unhide වේවි.
Yes කියන එක දෙකෙන්ම තෝරන්න
Folders
ටික ගොඩ දාගත්තට පස්සෙ අර Shortcuts ටිකයි EXE s ටිකයි මකල දාන්න. තව
Autorun.inf කියල එකකුත් ඇති. ඒකෙන් තමයි Pen එක ගහපු ගමන් වයිරස් එක run
වෙන්නෙ. ඒකත් මකල දාන්න. ඊට පස්සෙ ගොඩ. හැබැයි ඉතින් හොදම වැඩේ තමයි අවශ්‍ය
Files & Folders ටික අරගෙන Pen එක Format කරලම දාන එක.
---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එකේ මොනව හරි අවුලක් තියෙනවනම් comment එකකින් ඒ ගැන අහන්න. එහෙම නැත්නම් Email එකකින් අහල එවන්න.
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

2012-01-08
Windows Computer එකක Screen එක කරකැවීම(Rotate)...
![]() |
| -90 Rotated |
![]() |
| Vertically Flipped |
![]() |
| Normal |
![]() |
| +90 Rotated |
මේක
හරි සරල දෙයක්. එත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන අවස්ථා තියෙනවා. උදාහරනයක්
හැටියට වැරදි පැත්තට Video කරපු Video එකක් බලන්න ගියාම එහෙම ගොඩක්
ප්‍රයෝජනවත්. සමහරුන්ට ඉතින් Screen එක වැරදිලා Rotate කරගෙන අපහු යතා
තත්වෙට ගන්න බැරුවත් යනවා. කොහොමහරි මේකට කරන්න තියෙන්නෙ Shortcut key එක
භාවිතා කරන එක විතරයි. Keyboard එකේ Ctrl,
Shift කියන Keys දෙක Press කරගෙන Arrow Keys හතරෙන් කැමති එකක් Press
කරන්න. Press කරපු Arrow Key එක අනුව ඔයාගෙ Screen එක කරකැවේවි.
මේක ඔයාගෙ Computer එකේ Graphics Properties වලින් කරන්නත් පුලුවන්. ඒත් ලේසිම ක්‍රමේ තමයි Shortcut key එක භාවිතා කරන එක
---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
2011-12-15
එක පරිගනකයක් තුල Virtual විදියට පරිගනක(OS) කිහිපයක් භාවිතා කිරීම
මම දැන් කියන්න යන්නෙ අපි එදිනෙදා භාවිතා කරන OS එකක් හරි කිහිපයක් හරි කොහොමද Virtual විදියට අපේ Computer එකට දාගන්නෙ කියලා.අපි හිතමු ඔයාගෙ Computer එකට Windows 7 දාල තියෙන්නෙ කියලා. තව ඔයාට ඕනෙ නම් Windows XP ත් දාගන්න ඔයාට Dualboot කියන විදියට ඒ දෙකම දාගන්න පුලුවන්. ඒත් ඒ ක්‍රමේ ටිකක් සංකීරණයි. ඒවගේම දැන් අලුතෙන් එන පරිගනක වලට පරන OS දාන්න බැරි අවස්ථා තියෙනවා. උදාහරණයක් විදියට අලුතෙන් එන Laptop වලට පරණ Windows XP version එක දාන්න බැහැ. ඉතින් මේ වගේ අවස්ථා වලදිනම් අපිට තියෙන එකම ක්‍රමේ තමයි මම දැන් කියන්න යන්නෙ. ඒකට use කරන්න පුලුවන් ගොඩක් මෘදුකාංග තියෙනවා. මම දැන් කියලා දෙන්න යන්නෙ VirtualBox කියන මෘදුකාංගය මගින් මේ වැඩේ කරගන්න හැටි.
මුලින්ම අපි මේ VirtualBox කියන මෘදුකාංගය ලබාගන්න අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් නිසා අපට ඒ Website එකෙන් පහසුවෙන්ම ලබාගත හැකි වෙනවා. ඔයාට පුලුවන් මම මේ පහල දාල තියෙන Link එක මගින් ඒ මෘදුකාංගය ලබාදෙන Webpage එකට යන්න.
ගිහින් එතනින් ඔයාගෙ පරිගනකයට අවශ්‍ය එක select කරගන්න. ඔයා use කරන්නෙ Windows නම් VirtualBox 4.1.6 for Windows hosts කියන තැන තියෙන Link එකෙන් Download කරගන්න පුලුවන්. ඒකට මේ එක click කරන්නත් පුලුවන්.
ඊට පස්සෙ ඔයාට VirtualBox මෘදුකාංගයේ Setup file එක Download වේවි. ඊට පස්සෙ කරන්න ඕනෙ ඒක install කරන එක.
සාමන්‍ය මෘදුකාංගයක් install කරන විදියට ඔයාට මේ software එකත් install කරගන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාට ඔය පහල තියෙනවා වගේ window එකක් ලැබේවි.

එතනින් New කියන button එක click කරන්න එතකොට ඔයාට අලුත් virtual machine එකක් සාදා ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලැබේවි.
ඔය මම දාල තියෙන වගේ Window එකක් අවිත් ඔයාට අලුතෙන් හදන්න ඕනෙ virtual machine එකේ නමයි දාන්න බලාපොරොත්තු වෙන OS එකයි අහයි. ඊට පස්සෙ Next button එක click කරාට පස්සෙ ඔයාට පුලුවන් අලුත් virtual machine එකේ hard drive එකේ size එක තීරණය කරන්න. ඒක සදහා ඔයා size එකක් තීරණය කරාට පස්සෙ ඔයාගෙන් option දෙකක් අහනවා. ඔයා දැනට Hard එකක් වෙන් කරලා නැතිනම් ඔයාට තෝරගන්න වෙන්නෙ Create new Hard Disk කියන option එක. එතකොට අලුතෙන් wizard එකක් open වේවි. එතෙන්දි ඔයාගෙන් අහනවා තවත් ප්‍රෂ්නයක්. ඒ තමයි ඔයා මේ virtual machine එකට use කරන hard එක Dynamically expanding storage ද එහෙම නැතිනම් Fixed-size storage ද කියලා. ඔයා Fixed-size storage තේරුවොත් ඔයා ඒකට දෙන size එක මේ virtual machine එක තියෙන කම් ඔයාට ඔයාගෙ සාමන්‍ය පරිගනකයෙන් use කරන්න බැහැ. ඒ ටික මේ Virtual Hard එක සඳහාම වෙන් වෙනවා. ඒත් ඔයා Dynamically expanding storage තේරුවොත් ඔයා දෙන size එක මුලින්ම වෙන් වෙන්නෙ නෑ. ඔයා Virtual Hard එක use කරන තරමට තමයි ඔයාගෙ ඇත්ත Hard එකේ ඉඩ යන්නෙ. ඉතින් හොඳම ක්‍රමේ තමා ඒ ක්‍රමේ. ඒකට Dynamically expanding storage select කරන්න. ඊට පස්සෙ next කරන්න. එතකොට ඔයාට අවශ්‍ය size එකයි ඒක save කරන්න ඕනෙ folder එකයි අහල window එකක් ලැබේවි. ඒකට සාමන්‍ය size එකක(2GB) දීලා ඒ දීපු ඉඩ ප්‍රමාණය free තියෙන folder එකක් උඩ තියෙන තැනට browse කරල දෙන්න. ඊට පස්සෙ finish කරන්න. එතකොට අර පරන window එකත් finish කරල close කරන්න පුලුවන්. එකත් finish කරාට පස්සෙ ඔයා Virtual machine එක හදලා ඉවරයි. දැන් ඒ අලුතෙන් හදපු machine එකේ නම දැක ගන්න පුලුවන් වේවි.
ඊට පස්සෙ ඒක click කරල start කියන button එක click කරාම අලුත් window එකක ඔයාගෙ virtual computer එක start වේවි. දැන් ඉතින් ඒකට සාමාන්‍ය Computer එකකට අලුත් OS එකක් දානවා වගේ OS එකක් CD හරි DVD එකක් හරි දාලා OS එකක් දාන්න තමයි තියෙන්නෙ. බැරි වෙලාවත් ඔයාට ඕන කරන CD rom එක හරි DVD rom එක හරි detect උනේ නැත්නම් අර අලුතෙන් open උන window එකේ තියෙන Devices කියන menu එක click කරල එතනින් ඔයාට ඕනෙ Drive select එක කරගන්න. ඊට පස්සෙ සාමන්‍ය Computer එකක් වගේ වැඩ කරනවා.

---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
සාමන්‍ය මෘදුකාංගයක් install කරන විදියට ඔයාට මේ software එකත් install කරගන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාට ඔය පහල තියෙනවා වගේ window එකක් ලැබේවි.

එතනින් New කියන button එක click කරන්න එතකොට ඔයාට අලුත් virtual machine එකක් සාදා ගැනීමට අවශ්‍ය කරන උපදෙස් ලැබේවි.
ඔය මම දාල තියෙන වගේ Window එකක් අවිත් ඔයාට අලුතෙන් හදන්න ඕනෙ virtual machine එකේ නමයි දාන්න බලාපොරොත්තු වෙන OS එකයි අහයි. ඊට පස්සෙ Next button එක click කරාට පස්සෙ ඔයාට පුලුවන් අලුත් virtual machine එකේ hard drive එකේ size එක තීරණය කරන්න. ඒක සදහා ඔයා size එකක් තීරණය කරාට පස්සෙ ඔයාගෙන් option දෙකක් අහනවා. ඔයා දැනට Hard එකක් වෙන් කරලා නැතිනම් ඔයාට තෝරගන්න වෙන්නෙ Create new Hard Disk කියන option එක. එතකොට අලුතෙන් wizard එකක් open වේවි. එතෙන්දි ඔයාගෙන් අහනවා තවත් ප්‍රෂ්නයක්. ඒ තමයි ඔයා මේ virtual machine එකට use කරන hard එක Dynamically expanding storage ද එහෙම නැතිනම් Fixed-size storage ද කියලා. ඔයා Fixed-size storage තේරුවොත් ඔයා ඒකට දෙන size එක මේ virtual machine එක තියෙන කම් ඔයාට ඔයාගෙ සාමන්‍ය පරිගනකයෙන් use කරන්න බැහැ. ඒ ටික මේ Virtual Hard එක සඳහාම වෙන් වෙනවා. ඒත් ඔයා Dynamically expanding storage තේරුවොත් ඔයා දෙන size එක මුලින්ම වෙන් වෙන්නෙ නෑ. ඔයා Virtual Hard එක use කරන තරමට තමයි ඔයාගෙ ඇත්ත Hard එකේ ඉඩ යන්නෙ. ඉතින් හොඳම ක්‍රමේ තමා ඒ ක්‍රමේ. ඒකට Dynamically expanding storage select කරන්න. ඊට පස්සෙ next කරන්න. එතකොට ඔයාට අවශ්‍ය size එකයි ඒක save කරන්න ඕනෙ folder එකයි අහල window එකක් ලැබේවි. ඒකට සාමන්‍ය size එකක(2GB) දීලා ඒ දීපු ඉඩ ප්‍රමාණය free තියෙන folder එකක් උඩ තියෙන තැනට browse කරල දෙන්න. ඊට පස්සෙ finish කරන්න. එතකොට අර පරන window එකත් finish කරල close කරන්න පුලුවන්. එකත් finish කරාට පස්සෙ ඔයා Virtual machine එක හදලා ඉවරයි. දැන් ඒ අලුතෙන් හදපු machine එකේ නම දැක ගන්න පුලුවන් වේවි.

ඊට පස්සෙ ඒක click කරල start කියන button එක click කරාම අලුත් window එකක ඔයාගෙ virtual computer එක start වේවි. දැන් ඉතින් ඒකට සාමාන්‍ය Computer එකකට අලුත් OS එකක් දානවා වගේ OS එකක් CD හරි DVD එකක් හරි දාලා OS එකක් දාන්න තමයි තියෙන්නෙ. බැරි වෙලාවත් ඔයාට ඕන කරන CD rom එක හරි DVD rom එක හරි detect උනේ නැත්නම් අර අලුතෙන් open උන window එකේ තියෙන Devices කියන menu එක click කරල එතනින් ඔයාට ඕනෙ Drive select එක කරගන්න. ඊට පස්සෙ සාමන්‍ය Computer එකක් වගේ වැඩ කරනවා.

---------------------------------------------------------------------------------------------------------------------------
ඔයාට මේ post එක වැදගත් කියල හිතෙනවනම් කාට හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න මේක share කරන්න. තව ඉතින් මේකට Like එකක් දාල comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
Subscribe to:
Posts (Atom)