කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....

2013-04-04

මෘදුකාංග නිෂ්පාදනයට අවශ්‍ය ICON නොමිලයේ ලබාගැනීම I

ඔබ මෘදුකාංග නිෂ්පාදනය කරන කෙනෙක් නම් ඔබට අත්‍යවශ්‍ය වනදෙයක් තමයි එම මෘදුකාංග වලට අවශ්‍ය වන graphics ලබාගැනීම. මේ අවශ්‍යතා අතර ප්‍රධාන තැනක් ගන්නවා චලනය වන icons. ඉතින් මෙම ලිපිය එවැනි චලනය වන icon ලබන්නේ කොහොමද කියල විස්තර කරන ලිපි පෙළක පලවෙනි ලිපියයි.
මුලින්ම මම ඔයාලට ලබාදෙන්නේ පහසුවෙන් Loading Icons ලබාගැනීමට පුළුවන් වන ආකාරයක්. ඇත්තටම මේක වෙබ් සයිට් එකක්.

http://ajaxload.info/



ඔයාල මේ ලින්කුවෙන් දැක්වෙන වෙබ් සයිට් එකට ගියාම දැකගන්න පුළුවන් පහල දාල තියෙනවා වගේ පිටුවක්. මේ පිටුවේ Indicator type කියන තැනින් අවශ්‍ය icon එකේ ස්වරුපය තෝරාගෙන background හා foreground එනම් පසුබිම් හා මතුපිට වර්ණයන් අවශ්‍ය පරිදි තෝරා Generate It click කිරීමෙන් අවශ්‍ය icon එක ලබාගත හැකි වෙනවා. Transparent Background check box එක check කර තිබීමෙන් අපිට පසුබිම විනිවිද පෙනෙන ආකාරයට icon එක නිර්මාණය කරගත හැකි වෙනවා. ඊටපසුව Download it මගින් එම icon එක බාගත කරගන්න පුළුවන්.

2013-02-15

පහසුවෙන් සිංහල type කරන්න පුළුවන් වෙන විදියට වින්ඩෝස් පරිගණකය සකස් කර ගැනීම

අද අන්තර් ජාලය තුල බොහෝ විට ඉංග්‍රීසි වලට අමතරව විවිද භාෂා භාවිතා වෙනවා. එත් අපිට තියෙන යතුරු පුලුවරුවෙන් පහසුවෙන් ටයිප් කරන්න පුළුවන් වෙන්නේ ඉංග්‍රීසි වචන විතරයි. එමනිසා සිංහල වගේ වෙනත් භාෂාවකින් ටයිප් කරන්න නම් වෙනත් තැනක ටයිප් කරලා අවශ්‍ය තැනට ගන්න වෙනවා. මෙම ලිපියෙන් මම කියන්න යන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ නැති පහසු ක්‍රමයක් ගැනයි. අපිට ඉංග්‍රීසියෙන් ටයිප් කරන ගමන්ම ඉබේම සිංහලට පරිවර්තනය කරගන්න පුළුවන්. ටයිප් කරන්න තියෙන්නේ සිංග්ලිෂ් ක්‍රමයට.

මේ සදහා අපි පොඩි මෘදුකාංගයක් ස්ථාපිත කරන්න අවශ්‍ය වෙනවා. එය ගූගල් සමගම විසින් නොමිලයේ ලබාදෙන සේවාවක්. ඉතා කුඩා මෘදුකාංගයක්. එය බාගත කරගැනීම සඳහා පහත ලිපිනයට යන්න


ඉන්පසු ඔයාට ඔය මම පහල දාල තියෙනවා වගේ පිටුවක් ලැබේවි. එහි දකුණු පස තියෙන භාෂා වලින් ඔයාට අවශ්‍ය වෙන භාෂාව තෝරාගන්න. මම සිංහල තෝරලා තියෙන්නේ. අංක 1 පරිදි. 

ඊට පසුව අංක 2න් දැක්වෙන පරිදි ගූගල් සමාගමේ කොන්දේසි කියවා  එයට එකග වීමට ටික් කරන්න. පසුව Download කියන ලින්කුවෙන් මෘදුකාංගය බාගත කරගන්න.

සමහර අවස්ථාවල බාගත  කිරීම සඳහා විමසුමක් ලැබුන හොත් එය Accept කරන්න. බාගත වීම අවසන් වූ පසු එය දෙවරක් ක්ලික් කර ක්‍රියාත්මක කරගන්න. එවිට තවත් වින්ඩෝවක් පැමිණ ඔබේ පරිගණකයට මෘදුකාංගය ස්ථාපිත වේවි. 

නිවැරදිව ස්ථාපිත වුවාට පසු ඔයාට යතුරු පුවරුවේ Shift යතුර හා Alt යතුර එකවර තද කිරීමෙන් අවශ්‍ය භාෂාවට මාරු විය හැකියි. ඔයා සිංහලට මාරු වී ඇති විටක ටයිප් කරන වෙලාවට පහත රුපයේ පරිදි පොඩි මෙනුවක් ඇවිත් ඔයා ටයිප් කරන වචනය හදුනාගැනීමට සලස්වයි. 

මෙම මෘදුකාංගයට හුරුවීමෙන් වඩාත් පහසුවෙන් ඉංග්‍රීසි තරම්ම වේගයෙන් ඔයාටත් සිංහල භාවිත කරන්න පුළුවන්. මේක අන්තර්ජාලයට පමණක් නෙමේ. වෙනත් ටයිප් කරන්න තියෙන ඕනෑම තැනකට යොදාගන්න පුළුවන්. විශේෂයෙන් facebook වැනි සමාජ ජාල තුල චැට් කිරීමට හෝ පොස්ට් දැමීමට යොදාගත හැක. ඉතින් එහෙනම් සිංහල අයට සිංහලෙන්ම තම අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. වෙනත් භාෂා අවශ්‍ය යට වෙනත් එකකින්.

එහෙනම් මේ පිලිබඳ තවත් මොනවා හරි දැනගන්න තියෙනවනම් හෝ මොනවහරි කියන්න තියෙනවනම් පහලින් comment  කරන්න. එහෙමත් නැත්නම් මට email  කරන්න. නැවත ඊලග ලිපියෙන් හමුවෙමු.

2012-12-04

වින්ඩෝස් 7 පරිගනකයක Access Denied Folders තුලට යාම

ඔයාටත් තියෙන්නේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය යොදවපු පරිගනකයක් නම් බොහෝ විට මේ ප්‍රශ්නයට මුහුන දීලා ඇති. එනම් හාඩ් ඩිස්ක්(hard disk) එක තුල සමහර ගොනු(folders) තුලට යාමට උත්සාහ කරන විට ඉහත රූපයේ පරිදි පණිවිඩයක්(Access Denied) ඇවිත් නවතීම. බොහෝ විට මේ ප්‍රශ්නය එන්නේ වින්ඩෝස් සිස්ටම් ගොනු තුලට යාමට උත්සාහ කරද්දී. ඉතින් බොහෝ විට මේ වින්ඩෝස් සිස්ටම් ගොනු සිස්ටම් හයිඩ් කරලයි තියෙන්නේ. අපි කලින් ලිපියකින් බැලුව කොහොමද ඒ හයිඩ් කරපු ගොනු පරිගනකයේ පෙනෙන විදියට සකස් කරගෙන වයිරස් වගේ ප්‍රශ්න වලින් බේරෙන හැටි. ඒ ලිපිය බැලුවෙ නැතිනම් පහතින් එයට ගිහින් බලන්න


ඉතින් අපි බලමු මේ විදියට තියෙන ගොනුවක් තුලට යන විදියට ගොනුව වෙනස් කරගන්න විදිය. මුලින්ම කරන්න ඕනෙ අදාල ගොනුවේ හිමිකරු වෙනස් කරගැනීම. මේ සදහා බොහෝ විට Administrator User Account එකක් අවශ්‍ය වෙන්න පුලුවන්. ඒත් සාමාන්‍ය User Account එකකිනුත් උත්සාහ කරල බලන්න පුලුවන්

මුලින්ම අදාල ගොනුව Right Click කරලා Properties වින්ඩෝව ලබාගන්න. එතනින් Security(Tab) තෝරලා Advanced Click කරන්න. එතනින Owner කියන Tab එක තේරුවම ඔයාට පහල පරිදි වින්ඩෝ එකක් ලැබේවි.

එතනින් Edit කියන එක තෝරලා ඔයාගෙ නම අදාල වින්ඩෝ එකෙ Type කරන්න. ඔයා ඇඩ්මින් කෙනෙක් නම් කියල type කරත් කමක් නෑ. ඊට පස්සේ check names click කරන්න. ඔයා හරියට නම type කරානම් ඔයාගෙ නම එතන වැටේවි. ඊට පස්සේ OK click කරල apply click කරන්න. ඊට පස්සෙ නැවතත් ok කිහිපසැරයක් click කරන්න. 

හරි. දැන් නැවතත් කලින් විදියටම ඒ ගොනුවේ Properties මෙනුව අරගන්න. එතනින් Security මෙනුව අරගෙන Edit ගිහින් Add click කරන්න.

ඊට පස්සේ එන මෙනුවේ everyone කියල type කරන්න. ඊට පස්සෙ check names click කරන්න. ඔයා හරියට type කරල නම් Everyone කියල නම ඒවි.

ඊට පස්සේ OK කරලා Full Control  කියන එකෙ Select කරල Apply කරන්න. දැන් ආපහු OK  කිහිපවතාවක් click කරන්න. සමහර විට confirm කරන්න තව වින්ඩෝ එකක් ඒවි. අවොත් එකත් continue කරන්න.





දැන් ඔයාට ඒ ගොනුවත් සාමාන්‍ය ගොනුවක් විඩියට භාවිතා කරන්න පුලුවන්. ඉතින් මොකක් හරි ගැටලුවක් හරි මතයක් හරි තියෙන්වා නම් පහලින් comment කරන්න. එහෙමත් නැතිනම් මාව email මගින් සම්බඳ කරගන්න. නැවතත් තවත් වැදගත් ලිපියකින් හමුවෙමු.

2012-10-04

මෘදුකාංග වලට අවශ්‍යය වෙන එක එක වර්ගයේ ශබ්ද අන්තර්ජාලයෙන් බාගත කර ගැනීම...

මේක ඉතින් පෝස්ට් එකකට ලියන්න තරම් වැදගත් නැද්ද මන්දා. ඒත් මේ වෙබ් එක මට හම්බුන වෙලාවෙ මට නම් මාර වැදගත් කමක් දැනුනා. ඉතින් ඔයත් මෘදුකාංග නිෂ්පාදකයෙක් නම් මේක ඔයාටත් ගොඩක් වැදගත් වේවි. විශේෂයෙන්ම ගේම් (games) නිෂ්පාදකයන්ට.

මේ මම කියන වෙබ් එකේ නම soundjay.com . පහල තියෙන ලින්ක් එකෙන් ඒකට යන්න පුලුවන්.


ඒකට ගියාම තියෙනවා ප්‍රධානව වෙන් කරල කොටස් කීපයකට. ඉතින් ඒ ඒ කොටස් වලින් ඔයාට කැමති කොටස තෝරගත්තම ඒ කොටසට අදාල ශබ්ද තියෙන පිටුවට පිවිසෙන්න පුලුවන්. ඒ පිටුව පහත පිංතූරයේ වගේ වේවි.



ඒ පිංතූරයේ රතු පාටින් දක්වලා තියෙන තැන click කිරීමෙන් ඔයාට අවශ්‍යය විදියට ඒ ශබ්ද ෆයිල් එක බාගත කරගන්න පුලුවන් වෙනවා.